
මේජර් ජෙනරාල් ජේ එස් බි ඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු පීඑස්සි
(නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති)
මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු පීඑස්සි චන්ද්‍රරත්න බණ්ඩාර වික්‍රමසිංහ පල්ලේකුඹුර මහතා සහ සන්ධ්‍යා පල්ලේකුඹුර මහත්මියගේ ආදරනීය පුත්‍රයා වන අතර එතුමන් බදුල්ලේ උපත ලැබූ අතර මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි, එහිදී එතුමන් හමුදා සේවයේ කැපී පෙනෙන වෘත්තියක් සඳහා අඩිතාලම ගොඩනැගීම ආරම්භ කළේය.
ශ්‍රී ලංකා හමුදාවේ එතුමන්ගේ ගමන ආරම්භ වූයේ 1990 නොවැම්බර් 3 වන දින එතුමන් නිත්‍ය හමුදාවට බැඳීමත් සමඟය. එතුමන් ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ (KDA) බඳවා ගැනීමේ පාඨමාලා අංක 08 ට සම්බන්ධ වූ අතර, පසුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ මූලික හමුදා පුහුණුව අවසන් කිරීමෙන් පසු, 1992 නොවැම්බර් 14 වන දින අධිකාරියට පත් කරන ලදී. පසුව එතුමන් ගජබා රෙජිමේන්තුවට ඇතුලත් කරන ලදී.
එතුමන්ගේ කීර්තිමත් හමුදා ජීවිතය පුරාවට, මේජර් ජෙනරාල් ජනක පල්ලකුඹුර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අණ දීමේ, මාණ්ඩලික සහ උපදේශක තනතුරු රාශියක් හොබවා ඇති අතර, කැපී පෙනෙන නායකත්වය සහ මෙහෙයුම් විශේෂඥතාව පෙන්නුම් කර ඇත. එතුමන් රට පුරා හමුදා මෙහෙයුම් රැසකට ක්‍රියාකාරීව සහභාගී වී ඇති අතර, ත්‍රස්ත විරෝධී සහ කැරලි මර්දන මෙහෙයුම් පිළිබඳ පුළුල් අත්දැකීම් ලබා ඇත.
එතුමන් 14 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුවටද අණදුන් එතුමන් පසුව 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති දක්වා අණදීමේ තනතුරැ හොබවන ලදි.
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවෙහි රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා බොක්සිං සංගමයේ සභාපති දූරයද යන තනතුරැ එතුමන් මේ වන විට හොබවනු ලබයි.
ප්‍රධාන අණදෙන පත්වීම්:
- ඛණ්ඩභාර නිලධාරී - 3 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- නිලධාරී අණදෙන - 3 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- දෙවන අණදෙන නිලධාරී - 14 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- අණදෙන නිලධාරී - 14 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- බලසේනාධිපති - 231 වන පාබල බලසේනාව
- බලසේනාධිපති - 122 වන පාබල බලසේනාව
- සේනාංකාධිපති - 12 වන පාබල සේනාංකය
- සේනාංකාධිපති - 58 වන පාබල සේනාංකය
උපදේශක පත්වීම්:
- ප්‍රධාන උපදේශක, පුහුණු අංශය - රෙජිමේන්තු මධ්‍යස්ථානය, ගජබා රෙජිමේන්තුව
කාර්ය මණ්ඩල පත්වීම්:
- විධායක අධිකාරී - 3 වන බලඇණිය, ගජබා රෙජිමේන්තුව
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (මෙහෙයුම් සහ පුහුණු) - රෙජිමේන්තු මධ්‍යස්ථානය, ගජබා රෙජිමේන්තුව
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (මෙහෙයුම්) - ප්‍රාදේශීය මූලස්ථානය (WLO)
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (මෙහෙයුම්) - 58 පාබල සේනාංකය
- සම්බන්ධීකරණ නිලධාරී - UD කාර්යාලය, මහනුවර
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්) - 65 වන පාබල සේනාංකය
- ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්) - ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම)
- ප්‍රධාන කර්නල් මාණ්ඩලික නිලධාරී - 57 වන පාබල සේනාංකය
- කර්නල් මාණ්ඩලික නිලධාරී - ආරක්ෂක හමුදා මූලස්ථානය (වන්නි)
- ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය (OCDS)
පුහුණුව සහ පාඨමාලා:
- කැඩෙට් නිලධාරී පාඨමාලාව - කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ (බඳවා ගැනීම් අංක 8)
- කැඩෙට් නිලධාරී පාඨමාලාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ (බඳවා ගැනීම් අංක 35B)
- පැරෂුට් පාඨමාලාව - කමාන්ඩෝ පුහුණු පාසල, ගණේමුල්ල
- උපදේශන පාඨමාලාව - හමුදා මූලස්ථානය
- ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලාව - ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පුහුණු පාසල බටලන්ද
විදේශීය පාඨමාලා:
- තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව
- කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව
- එක්සත් ජාතීන්ගේ පුහුණු සහ පුහුණුකරුවන්ගේ පාඨමාලාව
- ඒකාබද්ධ ආරක්ෂක පර්යේෂණ සහ විශ්ලේෂණ පාඨමාලාව - ඕස්ට්‍රේලියාව
- ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පාඨමාලාව - ඉන්දුනීසියාව
සහභාගී වූ මෙහෙයුම්:
- වාලම්පුරි මෙහෙයුම
- යාල්දේවි මෙහෙයුම
- රිවිරැස මෙහෙයුම
- ජයසිකුරු මෙහෙයුම
- දිවිබල මෙහෙයුම
- රණගොස මෙහෙයුම
- කිනිහිර මෙහෙයුම
- අග්නිකීල මෙහෙයුම
- වන්නි මානුෂීය මෙහෙයුම්
එතුමන්ගේ නිර්භීතකම, සේවය සහ කැපවීම අගයමින්, මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර පහත සඳහන් පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
- රණ වික්‍රම පදක්කම (RWP)
- රණ සූර පදක්කම (RSP)
- දේශ පුත්‍ර සම්මානය
- නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම
- උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම
- පූර්ණ භූමි පදක්කම
- උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම
- රිවිරැස පදක්කම
- නිදහස් සංවත්සර පදක්කම් (50 වන සහ 75 වන ඇතුළුව)
- දීර්ඝ සේවා පදක්කම
- සේවාභිමානි පදක්කම
පෞද්ගලික ජීවිතය:
මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර මහතා කුමාරි වර්ණකුල මහත්මිය සමඟ විවාහ වී සිටින අතර, එතුමන් එක් දියණියකගේ සහ පුතුන් දෙදෙනෙකුගේ ආදරනීය පියෙකි.