Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ඉතිහාසය

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යුද්ධ හමුදා චර්යා නියොග 02/2004 යටතේ 2003 ඔක්තෝම්බර් 31 දින ස්ථාපිත කරන ලදී. ආරම්භයේදී සේනාංක දෙකක් (22 සේනාංකය සහ 23 සේනාංකය) සහ ඉනැපෙ (නැ) වශයෙන් ආරම්භ විය අතිරෙකව; නාවික, ගුවන් හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකාය භඨපිරිස් ද නැගෙනහිර භූමිය සම්බන්ධයෙන් මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථානගත කරන ලදී. අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයෙන් දීඝවාපිය ප්‍රදේශයේ අනවසර ඉඩම් ආක්‍රමණයන් මැඩ පැවැත්විම සදහා 3 කාර්ය සාධක බලකාය 2021 ඔක්තෝම්බර් 31 දින බළප්‍රදේශය වෙත ඇතුළත් කරන ලදී.