Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

23rd October 2023 10:29:29 Hours

8 ශ්‍රිලංඡාආබමු ඒකකයේ භටපිරිස් විසින් මියගිය රණවිරුවෙකුගේ නිවසක් ප්‍රථිසංස්කරණය කර නැවත භාර දෙයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්දසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් 19 වන දින අම්පාර ගල්මඩුවේදී කෙටි උත්සවයකදී ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ටී ජගත් කුසුම් (විශ්‍රාමික - මියගිය) කොනොනිගේ දරුවන් හට සම්පුර්ණයෙන් ප්‍රථිසංස්කරණය කරන ලද නිවස පවරා දෙන ලදී.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්වීම සහ උපදෙස් මත 24 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් ප්‍රථිසංස්කරණය කටයුතු සිදු කර ඇත. 24 පාසේමු කර්නල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් එච් සුනිල් ජයරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරි හා 8 ශ්‍රිලංඡාආබමු ඒකකයේ අණදෙන නිළධාරී මේජර් යිඩිඑස්කෙ සමන්ත දෙනියාය ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 8 ශ්‍රිලංඡාආබමු භඨ පිරිස් විසින් ඉදිකිරීම් කටයුතු සදහා ශ්‍රමධායකත්වය ලබා දෙන ලදි.

මෙම අවස්ථාව සඳහා ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, 8 ශ්‍රිලංඡාආබමු භටපිරිස්, මියගිය කොනොනිගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.