Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • කුරුකල්මඩු ප්‍රදේශයේ 11 ශ්‍රිලංසීරෙ පොසොන් දන්සල

    06th June 2023 13:11:52 Hours

    231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 11 ශ්‍රිලංසීරෙ භටපිරිස් විසින් කුරුකල්මඩු නගරයේදී පොසොන් දන්සලක් පවත්වන ලදී. ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් "බත් දන්සල" භුක්ති වින්දහ. ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දන්සලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර ප්‍රාදේශියව ආහාර ද්‍රව්‍ය කිහිපයක් සපයා ගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් WMNKD බණ්ඩාර RWP RSP USP psc සහභාගී වූ අතර, මේජර් DMN පත්මසිරි psc lsc අණදෙන නිළධාරි 11 ශ්‍රිලංසීරෙ සහ 11 ශ්‍රිලංසීරෙ භඨපිරිස් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උර දෙන ලදී.

  • උන්නච්ච් ප්‍රදේශයේ 4 ගැහේබ පොසොන් දන්සල

    06th June 2023 13:01:59 Hours

    231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ 4 ගැහේබ භටපිරිස් විසින් උන්නච්ච් නගරයේදී පොසොන් දන්සලක් පවත්වන ලදී. ප්‍රදේශයේ සිවිල් වැසියන් 2500 කට ආසන්න පිරිසක් "බත් දන්සල" භුක්ති වින්දහ. ප්‍රදේශයේ සැදැහැවත් ජනතාව දන්සලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ අතර ප්‍රාදේශියව ආහාර ද්‍රව්‍ය කිහිපයක් සපයා ගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් WMNKD බණ්ඩාර RWP RSP USP psc සහභාගී වූ අතර, මේජර් SAIH සේනානායක psc lsc අණදෙන නිළධාරි 4 ගැහේබ සහ 4 ගැහේබ භඨපිරිස් මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා උර දෙන ලදී.

  • පොසොන් පොහොය දිනට සමගාමිව දන්සලක් සංවිධානය කිරීම

    05th June 2023 15:43:20 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 241 වන පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධීපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා පුර්ණ අධීක්‍ෂණය මත පොසොන් පොහොය දිනට සමගාමිව 241 වන පාබල බළසේනාවේ නිලධාරින් හා සෙසුනිලයින් විසින් අක්කරපත්තුව වෙළද සංගමය, වී මොල් හිමියන්ගේ අනුග්‍රහකත්වයෙන් හා බළසේනාවේ භට පිරිස් විසින් ප්‍රාදේසියව සොයාගන්නා ලද ද්‍රව්‍යයන් උපයෝගි කර ගනිමින් ප්‍රථම වරට සංවිධානය කරන ලද බත් දන්සලක් 241 වන පාබල පාබල බළසේනා මූලස්ථානය ඉදිරිපිටදී 2023.06.03 වන දින 1900 පැයේ සිට 0000 පැය දක්වා පවත්වන ලද අතර, මෙම දන්සල සදහා අක්කරපත්තුව සහ අවට හයසහසකට අධික සිංහල, දමිළ, මුස්ලිම් සහ කතෝලික ප්‍රදේශවාසි ජනතාව සහභාගි වු අතර, මෙම කාර්‍යය ඔහුන්ගේ නොමද ප්‍රසංසාවට ලක්විය.

  • Little Sister of the Poor වැඩිහිටි නිවාසය සදහා මදුරැනාශක උපකරණ පරිත්‍යාග කිරීම

    05th June 2023 12:55:01 Hours

    231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ 2023 ජුනි 04 වන දින Little Sister of the Poor වැඩිහිටි නිවාසයට කෘමි නාශක යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී.

  • පාසල් ළමුන් සදහා විශේෂ ආහාර වේලක් ලබාදිම

    05th June 2023 10:29:51 Hours

    22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබිලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 221 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධීපති කර්නල් ඒ.කේ පිරිස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුද්ගලික ධන පරිත්‍යාගය සහ පුර්ණ අධීක්‍ෂණය මත 2 වන ස්වේච්ජා ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් වර්ණකුලසූරිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සියළු නිලයන්ගේ සංවිධානයෙන් යුතුව 2023 මැයි මස 31 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විල්ගම්මුල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 70 දෙනෙකු සදහා දිවා ආහාර වේලක් ලබා දෙන ලදි.

  • 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් ත්‍රීකුණාමළය දිස්ත්‍රීක්කයේ තෝරාගත් පාසල් සිසුන් 27 දෙනෙකු වෙත පාසල් උපකරණ ප්‍රධානය කරයි

    02nd June 2023 15:12:52 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 221 පාබල බලසේනා මුලස්ථානය යටතේ පාලනය වන 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි භටපිරිස් විසින් කල්ලරාව ශාන්ත ජෝන්පුර ප්‍රාථමික විද්‍යාලයේ සහ සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ තොරාගත් සිසුන් 27 දෙනෙකු වෙත එක් සිසුවෙක් සදහා රුපියල් 10000.00 වටිනා පාසල් උපාංග සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දිමේ වැඩසටහනක් 2023 මැයි 29 දින එම පාසල් ශ්‍රවණාගාරයේදී සිදුකරණ ලදි.

  • ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් පාලන‍/භකාස නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

    18th May 2023 12:36:42 Hours

    කර්නල් එච් පි එල් ද අල්විස් යුඑස්පි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් පාලන/ භකාස නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

  • 2023 වසරේ නිලධාරීන්ගේ නිළ උසස්වීම් විභාගය සඳහා පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සංවිධානය කරන ලදි

    17th May 2023 09:27:07 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රදේශයට අයත් 2023 වර්ෂයේදී ලුතිතන් සිට කපිතන් දක්වා නිළ උසස්වීම් විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා 2023 මැයි 15 දින සිට 22 දින දක්වා දේශණ මාලාවක් වැලිකන්ද ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දේශණ ශාලාවේදී සංවිධානය කරන ලදී.

  • 231 බලසේනාවේ භට පිරිස් "LITTLE SISTERS OF THE POOR'' වැඩිහිටි නිවාසයට දිවා ආහාරය සපයයි

    12th May 2023 11:53:50 Hours

    231 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාරගේ මඟපෙන්වීම යටතේ 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සඳුදා (මැයි 15) දින "LITTLE SISTERS OF THE POOR'' වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

  • 24 වන පාබල සේනාංක වෙසක් උත්සවය සැමරීම

    10th May 2023 11:19:35 Hours

    24 වන පාබල සේනාංකායේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර් න මග පෙන්විම යටතේ 2023 වසරේ වෙසක් මංගල්‍ය අති උත්කර්ෂමත් අන්දමින් සේනාංකය සහ ඒ යටතේ පාලනය වන බලසේනා මුලස්ථාන මෙන්ම ඒකකයන්හි දී ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ගෙන් සමන්විතව සමරන ලදි.