Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th February 2024 15:31:37 Hours

243වන පාබසේමු බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව කොක්කඩිචෝල ප්‍රදේශයේ අඩු අදායම්ලාභි පවුල් සදහා කිරි ගවයින් බෙදාදෙයි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 24 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම මත මඩකලපුව කොක්කඩිචෝල ප්‍රදේශයේ වෙසෙන අඩු අදායමිලාභි පවුල්වල ජිවනතත්වය දියුනු කිරීම සදහා අත්වැලක් වශයෙන් කිරිගවයින් ප්‍රධානය කිරීමේ වැඩසටහනේ දෙවන අධිරය ලෙස 2024.02.11 වන දින 11(සෙවි)ශ්‍රීලංසිරෙ බී කණ්ඩායම කොක්කඩිචෝල කදවුරෙදී පවත්වන ලදී.

මෙහි පලමු අධිරයේදි පවුල් 06ක් සදහා කිරිගවයින් බෙදාදුන් අතර, දෙවන අධිරය සදහා තවත් පවුල් 04ක් තෝරාගන්නා ලදි. කොළඹ ප්‍රදේශයේ වෙසෙන විදුර රණසිංහ මහතාගේ සම්බණ්ධිකරනයෙන් කොළඹ 07 ජාතියන්තර විපක්ෂනා භාවනා මධ්‍යස්ථානයේ මුල්‍ය දායකත්වයෙන් රුපියල් ලක්ෂ හයකට (රු.600 000.00) ආසන්න වටිනාකමකින් යුත් මෙම කිරිගවයින් ලබාදිම සිදුකරන ලදි.

මෙම කිරිගවයින් බෙදාදිම 243වන පාබසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්දිම කුමාරසිංහ ජ්‍යෙෂඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් 11(සෙවි) ශ්‍රීලංසිරෙ අණදෙන නිළධාරි ඇතුලු සෙසුනිළයින්ගේ සංවිධානයෙන් හා සහභාගිත්වයෙන් පවත්වන ලදී.