Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th February 2024 09:02:13 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) දී කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරීමේ පාඨමාලාවක් සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත 2024 පෙබරවාරි මස 10 වන දින සිට 16 වන දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)දී කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරීම සඳහා සංස්කරණ පාඨමාලාවක් පවත්වන ලදී.

මේ සදහා නිලධාරීන් 48 දෙනෙකු සහභාගී වූ අතර සුදුසුකම්ලත් ප්‍රවීණ උපදේශක කණ්ඩායමක් විසින් මනාලෙස සියලුම විෂයයන් ආවරණය වන පරදි දේශන පවත්වන ලදී. මෙම පාඨමාලාව ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) හි මාණ්ඩලික නිලධාරීන් විසින් සිදු කරන ලදී.