Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th February 2024 13:35:49 Hours

22වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබසේමු/ඒකකයන්හි සෙබලුන් හට දමිල භාෂා පුහුණුවක්.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම හා සංකල්පයකට අනුව මෙම පාසේමූ යටතේ ස්ථාපිත පාබසේමූ ඒකකයන්හි රාජකාරි සිදුකරනු ලබන සෙබලුන්ගේ දෙමළ භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් අදියර 04 ක් වශයෙන් 2024 වර්ෂය තුල දමිල භාෂා පුහුණු පාඨමාලාවක් දමිල භාෂා උපදේශක හා ගුරුභවතෙකු වශයෙන් ගෝමරන්කඩවල විද්‍යාලයේ රාජකාරි කරනු ලබන වේලායුතම් ජයරත්නම් මහතාගේ උපදේශකත්වයෙන් පවත්වනු ලබයි.

ඒ අනුව මෙම දමිල පුහුණු පාඨමාලාවේ පළමුවන අධියර භටපිරිස් 50 දෙනෙකු සහභාගී වු අතර 2024 පෙබරවාරි මස 06 දින ආරම්භ කරන ලදි. දින 14 ක කාලයක් පවත්වනු ලබන මෙම පාඨමාලාව 2024 පෙබරවාරි මස 22 දින දක්වා පැත්වීමට නියමිතයි.