Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th February 2024 18:00:02 Hours

24වන පාබල සේනාංකය විසින් අම්පාර බක්මිටියාව පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙයි.

අනාගත පරපුර දැනුමෙන් හා අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් 24 වන පාබල සේනාංකය බක්මිටියාව ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් අතරට අත්‍යාවශ්‍ය පාසල් ද්‍රව්‍ය බෙදාදීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් පවත්වන ලදී.

24 පාබල සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම මත එම සේනාංකයේ කාර්ය මණ්ඩලය විසින් බක්මිටියාව විද්‍යාලයේ සිසුන් 129 දෙනෙකු සදහා රුපියල් 400,000.00 ක වටිනා ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. මෙම ත්‍යාගශීලී සදහා (Hemas Manufacturing Pvt Ltd) අනුග්‍රාහක දායකත්වය ටී එම් ජයරත්න මහතා මෙහෙයුම් කළමනාකරු විකුණුම්, (Hemas Manufacturing Pvt Ltd) සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදී.

මෙ සදහා 24 වන පාබල සේනාංකයේ මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. 2024 පෙබරවාරි 20 වැනි දින පවත්වන ලද මෙම උතුම් ක්‍රියාව සඳහා හේමාස් මැනුෆැක්චරින් (පුද්ගලික) සමාගමේ විකුණුම් කළමණාකාර ටී එම් ජයරත්න මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.

මෙම වැඩසටහනේදී බක්මිටියාව විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 වසර දක්වා සිසුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම සිදු කරන ලදී. උත්සවයට සහභාගී වූ සියලුම දෙනාට තේ පැන් සංග්‍රහයක්ද ලබාදීමෙන් අනතුරුව උත්සවය අවසන් විය.