Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th February 2024 17:51:51 Hours

24වන පාබල සේනාංකය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 500ක් සදහා පාසල් උපකරණ ලබාදෙයි.

24 වන පාබල සේනාංකය විසින් 2024 පෙබරවාරි 18 වන දින අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදයම්ලාබි පවුල්වල අධ්‍යාපනය හදාරන සිසුන් 500 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ බුත්තල යුධ හමුදා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් බීඩීටීඩී ජයරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් රුපියල් 2,000,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. ධමන මහා විද්‍යාලය, දීඝවාපිය සිංහල පාසල, පුදුනගර් දෙමළ ප්‍රාථමික පාසල මල්වත්ත සහ මහඔය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් අතර. මෙම නොමසුරු පරිත්‍යාගය හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ලබා දෙන ලදී.

මේ සදහා 24වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු කාර්ය මණ්ඩලය, බුත්තල යුධ හමුදා විද්‍යාලයේ පාඨමාලා, ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් බීඩීටීඩී ජයරත්න 24 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයින් සහ ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.