?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • 222 පාබල බළසේනාව සේරුවාවිල ශ්‍රී සුමේදන්කර දහම් පාසල් සිසුන්ගේ අධ්‍යාපනය දිරිමත් කරයි

    12th December 2023 14:25:33 Hours

    22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ දැක්ම සහ මගපෙන්වීම යටතේ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේරුවාවිල ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ 1 සිට 4 ශ්‍රේණියේ ආර්ථික අපහසුතා ඇති සිසුන් 101ගේ අධ්‍යාපනය දිරිමත් කිරීමේ අරමුණින් පාසල් ලිපි ද්‍රව්‍ය සහ උපාංග බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සීඩීපී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ භට පිරිස් විසින් 2023 දෙසැම්බර් 10 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කරන ලදී.

  • 22 පාබල සේනාංක මූලස්ථානය මගින් පිටත සවි කරන ලද ජල යන්ත්‍ර සහිත බෝට්ටු ක්‍රියාකරවිම පිළිබඳ 2 වන පුහුණු පාඨමාලාව

    11th December 2023 11:43:59 Hours

    22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත, මෙම බලප්‍රදේශය තුල සිදුකෙරෙන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගිවන සෙනින්හට, පිටත සවි කරන ලද ජල යන්ත්‍ර සහිත බෝට්ටු ක්‍රියාකරවිම පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්, 2023 නොවැම්බර් 27 සිට 2023 දෙසැම්බර් 09 වන දින දක්වා 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ උපදේශක සහයද ඇතිව මෙම පාසේමුහි පවත්වන ලදි.

  • 20 වන ගජබා රෙජිමේන්තුව මගින් පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ අක්ෂි හා ඇසේ සුද පරීක්ෂා කිරීමේ සායනයක් පවත්වයි

    11th December 2023 11:36:23 Hours

    ආසේමු (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයට අයත් 221 වන පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් හා Assit Resettlement And Renaissance විසින් සංවිධානය කරන ලද අක්ෂි සායනය හා ඇසේ සුද පරීක්ෂා කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 09 වන දින පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදි.

  • 232 පාබල බළසේනාව විසින් කරදියනාරු මහ විද්‍යාලයේදි අ.පො.ස (උ.පෙළ) සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණයක් පැවැත්වීම

    07th December 2023 09:18:08 Hours

    ආරක්‍ෂක සේනා මුලස්ථාන (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව මඩකලපුව බටහිර අධ්‍යාපන කලාපයට අයත් විද්‍යාල 5 ක 2023 වර්ෂයේ අපොස (උසස් පෙළ) විභාගය සදහා පෙනි සිටිමට නියමිත සිසු දරුදැරියන් 91 සදහා විෂයන් 12 ක් ආවරණය වන පරිදි ඉලක්කගත සම්මන්ත්‍රණය මාලාවක් 23 වන පාබල සේනාංකයේ මග පෙන්විම යටතේ 232 පාබල බලසේනා මුලස්ථානයේ අධික්‍ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බළඇණියේ දායකත්වයෙන් පැවැත්විමට කටයුතු සම්පාදනය කර ඇත. එහි සමාරම්භක උත්සවය 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් කරදියනාරු මහ විද්‍යාලයේදි 2023.12.05 වන දින පවත්වන ලදි.

  • 241 වන බලසේනාවේ 10 වනසංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

    06th December 2023 10:27:03 Hours

    අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තු ප්‍රදේශයේ පිහිටි 241 පාබල බලසේනාව සිය 10 වන සංවත්සරය පසුගිය නොවැම්බර් 29 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායන් හා චාරිත්‍රානුකූලව චාම් සහ අභිමානවත් උත්සවයකින් සමරනු ලැබීය. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල් එස් ඩී එන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත බලසේනාවේ භටපිරිස් විසින් මුර පිරික්සුමක් සහ සමිමාන පෙළපාලියක් පිරිනමන ලදී.

  • 24 පාබල සේනාංකය එහි 10 වැනි සංවත්සරය සමරයි

    06th December 2023 09:29:16 Hours

    24 වන පාබල සේනාංකය සිය 10 වන සංවත්සරය 2023 නොවැම්බර් 27 වනදින අභිමානවත් ලෙස සමරනු ලැබුවේ එහි සිදුවීම් සහිත ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් සංවත්සර උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.

  • 22 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයෙහි රාජකාරි ආරම්භ කරයි

    05th December 2023 10:04:37 Hours

    22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පි යුඑස්පි පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 දෙසැම්බර් මස 04 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.

  • 222 පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

    02nd December 2023 09:37:56 Hours

    222 පාබල බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 නොවැම්බර් මස 28 දින කන්තලේ ජයන්තිගම පිහිටි බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.

  • ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් සම්බන්ධීකරණ නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

    01st December 2023 09:29:28 Hours

    කර්නල් ටි එච් එම් ඩි ආර් එම් පීරිස් ආර්එස්පී පීඑස්සි ‍ඡ්යෙමෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 27 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධීකරණ නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

  • 221 පාබල බළසේනා බලප්‍රදේශ‍යේ පවුල් 300 ක් අතර පොල් පැල 3000 ක් බෙදා හැරීමේ වැඩසටහනක්

    17th November 2023 08:54:33 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 221 වන පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් ඒකේ පිරිස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම හා සම්බන්ධීකරණය මත බළප්‍රදේශයේ ස්ථාපිත 2 වන ස්වේච්ජා ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පදිංචි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සදහා