Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th February 2024 10:10:31 Hours

24වන පාබල සේනාංකය මඩකලපුව කාන්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සමග 76 වන නිදහස් දින සමරයි

මඩකලපුව කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි ආයතන සම්මේලනය හා යුද්ධ හමුදාව එක්ව සංවිධානය කරන ලද 76 වන නිදහස් දින උත්සවය කාන්තන්කුඩි ප්‍රධාන විදියේදි ඉතාමත් අලංකාර අයුරින් පවත්වන ලදි. පාසල් තුර් ය වාදක කන්ඩායම් ඇතුලු විවිධ කලා අංග රාශියකින් සමන්විත දර්ශනිය පෙළපාලියකින්ද මෙම උත්සවය සමන්විත විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 24වන පාබල සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගිවු අතර‚ 243වන පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් චන්දිම කුමාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගිවන ලදි. තවද මෙම අවස්ථාව සඳහා මුස්ලිම් මවුලවි තුමන්ලා ඇතුලු ප්‍රදේශවාසින් විශාල ප්‍රමාණයක්ද මෙම අවස්ථාව සඳහා සහභාගිවන ලදි.