Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th January 2024 15:56:39 Hours

23 වන පාබල සේනාංක බළප්‍රදේශයේ භට පිරිස් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා සහය දක්වයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයාගේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්වීම මත 2024 ජනවාරි 16 වන දින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුළු සේවක වෘත්තීය සමිති විසින් පවත්වන ලද වැඩවර්ජනය හේතුවෙන් බලපෑමට ලක්වූ රෝහල් 16 කළමනාකාරීත්වයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 23 වන පාබල සේනාංක බළප්‍රදේශය තුළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා 231 වන පාබල බළසේනා මුලස්ථානය සහ 233 පාබල බළසේනා මුලස්ථානය යටතේ පාලනය වන 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් යොදවා සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහය දක්වන ලදි.