Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • යුද්ධ හමුදා සෙබලියකගේ ගිනිගෙන විනාශ වු නිවස අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණය කර භාරදිම

    23rd August 2023 12:24:42 Hours

    3 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායට අයත් 24 වන පාබල සේනාංකයේ පාලන රාජකාරි කරනු ලබන අක්කරපත්තු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු ද්‍රවිඩ ජාතික සෙබළියක වන සෙ/ආර්102690 කාසෙ ඩිරෝනා ටි කාන්තා සෙබලියගේ මව සහ පියා කුඩා කාලයේදිම අහිමිවි ඇති අතර ඇය කුඩා කාලයේ සිට හදාවඩා ගත් ඇයගේ සීයා සහ ආච්චී සමග අක්කරපත්තු ප්‍රදේශයේ පිහිටි නිවසක පදිංචිව සිට ඇති අතර, පසුව ඇතිවු අනපේක්ෂිත ගිණී ගැනිමක් හේතුවෙන්

  • යුධ හමුදා සහය ඇතිව සරස්වති පෙර පාසල් පහසුකම් වැඩි දියුණු කිරිම

    16th August 2023 11:06:33 Hours

    සරස්වති පෙර පාසල කතිරවේලි පුදුර් හි පිහිටා ඇති අතර පුදුර් ගම්මානයේ සිසුන් 41 දෙනෙකුට මුල් ළමාවිය අධ්‍යාපනය ලබා දෙයි. පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වුවද මේස, පුටු, ජල පද්ධති ගොඩනැගිලි නඩත්තුව ක්‍රියාකාරි කුස්සියක් සහිත නිසි සනීපාරක්ෂක පහසුකම් වැනි අත්‍යවශ්‍ය සම්පත් ලබාගැනිමේදි පෙර පාසල සැලකිය යුතු අභියෝගවලට මුහුණ දි ඇත. වසර 16 ක සේවා කාලයක් සහිත ගුරිවරියක් ඇතුළුව තිදෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලය සිසුන්ගේ උසස් අධ්‍යාපනය සදහා පෝෂණය කිරිමට කැපවී ක්‍රීයා කරයි.

  • 24 වන පාබල සේනාංකය විසින් දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා අනුස්මරණය සදහා පුණ්‍යානුමෝදනා පිංකමක් පවත්වන ලදි

    13th August 2023 12:54:11 Hours

    ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් කළ දායකත්වය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම වෙනුවෙන් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් වන දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා සුවිශේෂී චරිතයකි. එතුමාගේ 31 වැනි ගුණ සමරුව නිමිත්තෙන් 2023 අගෝස්තු 08 වන දින 24 වන පාබල සේනාංක මූලස්ථානයේදී පුණ්‍යානුමෝදනා පිංකමක් පවත්වනු ලැබුවේ ඔහුගේ කැපකිරීම් සහ රට වෙනුවෙන් ඉටුකල සේවය සිහිපත් කරමිනි.

  • 233 පාබල බලසේනාව විසින් කදිරවේලි තිලකාවතියර් ගැහැණු ළමා නිවාසයේ ළමුන් සදහා මානසික සුවතා වැඩසටහන් පැවැත්විම හා දිවා ආහාර වේලක් ලබාදිම

    13th August 2023 12:47:01 Hours

    යුද්ධ හමුදාව හා සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් ආරක්‍ෂන සේනා මුලස්ථානය නැගෙනහිර බළප්දේශයේ 23 සේනාංක මුලස්ථානයට අයත් 233 පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් හා අධික්‍ෂණයෙන් යුතුව මෙම පාබල බළසේනාවේ නිලධාරි/සෙසුනිලයින් විසින් දානපතියෙකු සමග සම්බන්ධවි තිලකාවතියර් ළමා නිවාසයේ ළමුන් හා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මින් සදහා දිවා ආහාර වේලක් හා ළමුන් සදහා මානසික සුවය සදහා වැඩසටහන් රැසක් 2023.08.01 වන දින සල්ලතිව් වෙරළ තිරයේදි පවත්වන ලදි මෙම වැඩසටහනට සමගාමිව ළමා නිවාසයේ ළමුන් 29 දෙනෙකු සදහා පාසල් පොත් හා ඇදුම් බෙදාදිම සිදු කරන ලදි .

  • 24 පාබල සේනාංකය නුවරගලතැන්න පාසල් ව්‍යාපෘතිය සඳහා ආනන්ද විද්‍යාලයේ 1995 වසරේ ආදිශිෂ්‍ය කණ්ඩායම සමඟ අත්වැල් බැඳගනී

    06th August 2023 11:36:31 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආශිර්වාදය සහ සමිබන්ධිකරණය මත ආදි ආනන්දීය 95 වන කණ්ඩායම, අම්පාර අරන්තලාව නුවරගලතැන්න පාසලේ අඩු ආදායම්ලාභී සිසු සිසුවියන් 161ක් වෙත පොත්පත්, ලිපි ද්‍රව්‍ය, පාසල්බෑග්, පාවහන්සහ පාසල්නිල ඇඳුම් ආදිය පරිත්‍යාග කිරිමට 2023 ජුලි මස 31 වන දින කටයුතු කරන ලදි.

  • 242 පාබල බලසේනාවේ බලසේනාධිපති නිල සංචාරයක

    06th August 2023 11:29:26 Hours

    242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේපීඑල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව 2023 ජූලි 27 වන දින කන්චිරන්කුඩා ප්‍රදේශයෙහි ස්ථාපිත 8 වන බලඇණි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙත සිය මංගල සංචාරය සනිටුහන් කළේය.

  • 22 වන පාබල සේනාංකය 26 වැනි සංවත්සරය සමරයි

    01st August 2023 11:51:33 Hours

    22 වන පාබල සේනාංක මූලස්ථානයේ 26 වන සංවත්සරය වෙනුවෙන් 2023.07.23 වන දිනට ‍යෙදි තිබු අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කරන ලදි. මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, සේනාංකය, බලසේනා හා ඒකක අතර අභියෝගතා ක්‍රිකට් තරගාවලියක් කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් ජූලි මස 14 හා 15 දිනයන්හි පවත්වන ලදි.

  • 23 වන පාබල සේනාංක මුලස්ථානයේ - 26 වන සංවත්සරය සැමරීම

    29th July 2023 12:38:11 Hours

    23 වන පාබල සේනාංක මුලස්ථානයේ 26 වන සංවත්සරය 2023 ජුලි මස 23 වන දිනට යෙදී තිබු අතර, ඒය සැමරීම සදහා වැඩසටහන් රාශියක් මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

  • 23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව දමිල පාසලක් වෙත පාසල් උපකරණ ක්‍රිඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදෙයි.

    27th July 2023 12:35:10 Hours

    23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව මඩ/කකු කිරිම්ච්චෝවෙයි දමිල මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන පාසැල් සිසු දරු දැරියන් 30 දෙනෙකු වෙනුවෙන් රු 150000 වටිනා පාසැල් පොත් පත් හා ක්‍රීඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදීමෙහි වැඩසටහනක් 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 6 වන ගජබා රෙජිමේන්තුව හා 233 පාබල බලසේනා මූලස්ථාන විසින් 2023.07.22 වන දින සංවිධානය කරන ලදි.

  • ආරුගම්බේ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023

    27th July 2023 12:16:42 Hours

    ආරුගම්බේ සංවර්ධන සංසදය (ADF) විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන විසිට් ශ්‍රීලංකා යන තේමාව යටතේ 2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023 ජුලි මස 23 වන දින 242 පාබල බලසේනාවේ සහභාගීත්වයෙන් 21.1 km, 10 km, හා 5 km කාණ්ඩ තුනක් ලෙස වර්ගිකරණය කර ආරුගම්බේහිදි පවත්වන ලදි.