Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th May 2024 15:48:00 Hours

23 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති තනතුරේ වැඩ භාර ගන්නා ලදී.

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී. කාරියවසම් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 23 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් 2024 මැයි මස 01 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.

හමුදා සම්ප්‍රදායන්ට අනුව 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 23 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රය්දී කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් මෙතුමන් හට ගෞරවය පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායිවලින් අනතුරුව, ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමගින් සේනාංකාධිපති තුමන් තම කාර්යාලයේදී රාජකාරි භාරගැනීමේ නිල ලේඛනයකට අත්සන් තබමින් සංකේතාත්මකව රාජකාරීන් ආරම්භ ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලද අතර, බළප්‍රදේශයේ අණදෙන නිලධාරීන් හා සේනාංක මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපවලට ද සහභාගි විය. තවද මෙම උත්සවය සදහා පැමිණ සිටි සියලුම නිලයන් සමග සියලු නිළ තේ පැන් සංග්‍රහයකටද ඒක්වන ලදී.

පසුව, සේනාංක මුලස්ථාන දේශණ ශාලාවේදී නව සේනාංකාධිපති හට 23 පාබල සේනාංක බළප්‍රදේශය පිළිබද දැනුවත් කිරීමක් සිදුකල අතර, මෙම අවස්ථාව සදහා පාබල බලසේනාවන්හි බළසේනාධිපතින් හා සේනාංක මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඒකක අණදෙන නිළධාරීන්, සහභාගී වූහ.