Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2024 12:44:47 Hours

22 පාබල සේනාංකය සිංහල හා හින්දු අළුත් අවුරුදු සමරයි.

22 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ත්‍රීකුණාමලය ප්‍රදේශය තුල පදිංචිව සිටින සිංහල හා දමිල ජනතාව අතර, සංහිදියාව සහ සහයෝගීතාවය ඇති කිරිමේ අරමුණින් යුතුව 2024.04.25 වන දින 22 වන පාබල සේනාංක මූලස්ථානය ක්‍රීඩා පිටිය තුලදී අළුත් අවුරුදු උත්සවයක් හා සංගීත ප්‍රසංගයක් පවත්වන ලදි.

එම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර, 221, 222 සහ 223 යන පාබල බළසේනාවන්හී බළසේනාධිපති වරුන්, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අණදෙන නිලධාරි වරුන්, ‍සෙසු නිලයින් සහ ත්‍රිකුණාමලයෙ ප්‍රදේශයේ ජිවත්වන සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාවගේ සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලදි

තඑදින රාත්‍රියේදී පැවති සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආසේමූ(නැ) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී යන ජෙයෂ්ඨ නිලධාරී සහභාගි වු අතර, මෙම පාසේමූ සේනාංකාධිපති, 221, 222 සහ 223 පාබල බළසේනාවන්හී බළසේනාධිපතිවරුන්, ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඇතුළු ප්‍ර දේශයේ රාජ්‍ය හා ව්‍යාපාරික සම්භාවනීය අමුත්තන් හා ප්‍රදේශයේ ජිවත්වන සිංහල, දෙමල සහ මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

මෙම සංගීත ප්‍රසංගය යුද්ධ හමුදා අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් සංගීතය සැපයූ අතර, නර් ථන කණ්ඩායම සහ භාතිය - සංතුෂ් ඇතුළු ප්‍රසිද්ධ ගායක දෙපලගේද සහභාගීත්වයෙන් අලංකාරවත් කරන ලදී.