Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • 24 වන සේනාංකයේ සේනාංකාධිපති නව පාබල බලසේනාව වෙත සංචාරයක්

    17th July 2023 12:14:29 Hours

    24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්රචසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්යෙවෂ්ඨ නිලධාරී 231 වන පාබල බලසේනාව 243 පාබල බලසේනාව වශයෙන් ප්ර්ථීස්තාන ගතකිරිමෙන් පසු 2023 ජූලි 12 වන දින මඩකලපුව දිස්ත්රි ක්කයේ කල්ලඩි ප්රබදේශයේ ස්ථාපිත 243 පාබල බලසේනාව සහ 11 (සෙව්) ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සිය පළමු සංචාරය සිදු කරන ලදී.

  • වාකරේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සදහා වෛද්‍ය සායනයක් හා පාසල් ළමුන් 150ක් සදහා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම

    14th July 2023 12:55:14 Hours

    ආරක්‍ෂක සේනා මුළස්ථානය නැගෙනහිර බල ප්‍රදේශයේ 23 වන සේනාංක මුලස්ථානයට අයත් 233 වන පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණයෙන් යුතුව පාබල බළසේනාවේ නිළධාරි/සෙසුනිළයින් විසින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ජානක රාමනායක හා වෛද්‍ය දිනුෂා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු විද්‍යා පීඨයේ පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කාර්‍ය මණ්ඩලය සමග සමග සම්බන්ධවි වාකරේ මහා විද්‍යාලයේ ළමුන් 150ක් සදහා රුපියල් 200,000.00 ක් වටිනා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් හා ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් 2023.07.09 වන දින පවත්වන ලදි.

  • නව 23 වන පාබල සේනාංකාධිපති ධුරයේ රාජකාරි අරඔයි

    09th July 2023 14:09:31 Hours

    බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 ජූලි මස 07 වන දින 23 පාබල සේනාංකයේ 26 වැනි සේනාංකාධිපති ලෙස පුනානි සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුව බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සදහා කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ගෞරවයෙන් පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.

  • 242 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති ධූරයේ රාජකාරී අරඹයි

    08th July 2023 12:32:22 Hours

    කර්නල් කේ පී එල් අමුණුපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 242 වන පාබල බලසේනාවේ 36 වැනි බලසේනාධිපති ලෙස 2023 ජූලි 05 දින වැඩ භාර ගන්නා ලදී. නව බලසේනාධිපති විසින් සුබ මොහොතින් ලිපියකටද අත්සන් තැබූ අතර ආගමික වතාවත් මධ්යැයේ නව පත්වීම සංකේතවත් කරන ලදී.

  • 22 වන පාබල සේනාංක ප්‍රදේශයේ සිසුන් සහ භට පිරිස් සඳහා "නොයා යුතු තැන" නම් වූ සිරගත වීමේ තීරණාත්මක සහ කටුක ජීවිතය පිළිබඳ දේශනයක්

    07th July 2023 14:59:26 Hours

    යහපත් දරු පරපුරක් රටට දායක කිරීමේ උදාර මෙහෙවරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාදීමේ තවත් එක් පියවරක් වශයෙන් විවිධ විෂමාචාර ක්‍රියාකාරකම් හේතුවෙන් නීතිය හමුවේ වරද කරුවන් වූ අයවලුන් හට බන්ධනාගාරය තුලදී විදින්නට සිදුවන දුක්ගැහැට සබැදිව දැනුවත් කරමින් බලප්‍රදේශයේ සිසු දරු දැරියන් සුමගට යොමුකිරීමේ අරමුණින් ʻʻනොයායුතු තැනʼʼ නමින් විශේෂ දේශනයක් 2023 ජූලි මස 05 දින කන්තලේ නගර ශාලාවේදී සිසු දරු දැරියන් 600 කගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී.

  • 231 බලසේනාව දෙමළ තරුණයාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට උපහාර දක්වයි

    05th July 2023 20:38:35 Hours

    මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වන තවේන්ද්‍රන් මධුෂිගන් මහතා 2023 මැයි 05 වන දින ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා පිහිනා ගොස් මෙම ස්ථානයට පැමිණි 4 වැනි පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීය. ඔහු එම දුර පිහිනීමට පැය 12 විනාඩි 58ක් ගත කළේය. එබැවින් ඔහුට උපහාර දැක්වීම සඳහා 231 පාබල බලසේනාව විසින් උපහාර උළෙලක් සංවිධානය කරන ලදී.

  • ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

    04th July 2023 21:50:24 Hours

    බ්‍රිගේඩියර් ඒ එච් ඒ ඩී ආරියසේන ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ඡුලි 02 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

  • 24 වන පාබල සේනාංකය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වයි

    04th July 2023 21:44:42 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 16 වන බලඇණියේ අණදෙන නිළධාරී මේජර් මංජුල අලවත්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්250ක් සඳහා 2023 ජූලි 02වන දින වියලි සළාක මළු බෙදාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.

  • 241 බලසේනාවේ භට පිරිස් අක්කරපත්තුව ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ දරුවන්හට පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කරයි

    28th June 2023 12:14:57 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබිලිවි චන්ද්‍රසිරි ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත 241 පාබල බලසේනාවේ බළසේනාධිපති කර්නල් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා සමිබන්ධිකරණයෙන් 241 වන පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් 2023 ජුනි මස 24 වන දින අක්කරපත්තුව ස්වාමි විපුලානන්ද ළමා නිවාසයේ සිසුන් 40 දෙනෙකුට සදහා පාසැල් පොත් සහ පාසැල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

  • දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සදහා නව නිවසක් ඉදිකර දීම

    22nd June 2023 21:27:42 Hours

    ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සම්බන්ධීකරණය මත සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යපෘතීන් අතරින් තවත් එක් ව්‍යපෘතියක් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකාවේ පදිංචි රොෂාන් රාජප්පා මහතාගේ රු.12000.00ක මූල්‍ය දායකත්වයෙන් කල්ලඩි, මාවඩිචේනෙයි ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර 2023 ජූනි මස 21 වනදින නිවාසලාභියා වෙත එම නව නිවස පවරාදෙන ලදී.