Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th June 2024 15:10:16 Hours

12ශ්‍රීලංජාආබමු විසින් කිරාන් මුරුථාන ශ්‍රි මුරුගන් විද්‍යාලය සහ පොණ්ඩුකච්චේන ඝණපති විද්‍යාලයේ සිසු සිසුවියන්ට සහ ප්‍රදේශවාසීන් හට පොසොන් පොහොයට සමගාමීව දිවා අහාර වේලක් ලබාදෙයි.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්විම මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වයෙන් 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් පි එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව 12 ශ්‍රිලංජාආබමු අණදෙන නිලධාරි මේජර් එච් එම් වි පි හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු 12 ශ්‍රිලංජාආබමු භඨපිරිස් විසින් කිරාන් මුරුථාන ශ්‍රි මුරුගන් විද්‍යාලයේ සහ පොණ්ඩුකච්චේන ඝණපති විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුවරුන් හා දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසින් 450 ක් සදහා 2024 පොසොන් පොහෝ දිනයට සමගාමිව දිවා ආහාර වේලක් 2024.06.18 වන දින මුරුථාන ශ්‍රි මුරුගන් විද්‍යාල පරිශ්‍රයේදි ප්‍රදානය කරන ලදි.

සංහිදියාව හා සමාජ සහයෝගිතාව වර්ධනය කිරිම සදහා සංවිධානය කර මෙම ප්‍රජා සත්කාරක අවස්ථාව වෙනුවෙන් 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවසම්, 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, කෝරලේපත්තු දකුණ සහකාර ප්‍රාදේශිය ලේකම්, අණදෙන නිලධාරි 12 ශ්‍රිලංජාආබමු මේජර් එච් එම් වි පි හේරත් ශ්‍රිලංජාආබමු, වැ:බ පොලිස් ස්ථානාධිපති වාලච්චේන පොලිසිය හා විදුහල් දෙකෙහි විදුහහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක්සහභාගි වන ලදි.