Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th June 2024 09:17:34 Hours

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මඩකලපුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේඛම් සමඟ සකච්ඡාවක නිරත වෙයි.

ප්‍රජාව තුළ සුහද සබඳතා සහ අවබෝධය වර්ධනය කිරීමට ඇති කැපවීම ප්‍රදර්ශනය කරමින් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජූනි 05 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.

සංචාරය අතරතුර 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි මඩකලපුව දිසාපති ජේ.ජේ. මුරලිදරන් මහත්මිය සමඟ විවිධ ගැටළු නිරාකරණය කිරීම සහ ප්‍රජාව අතර සහයෝගීතාවය සඳහා මාර්ගවිවර කරමින් ඵලදායී සංවාදයක නිරත විය. සේනාංකාධිපති සහ දිසාපති තුමිය මෙම සකච්ඡාවේ පාර්ශවකරුවන් ලෙස සබඳතා ශක්තිමත් කිරීමට සහ මඩකලපුව දිස්ත්‍රිකයේ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා එක්ව කටයුතු කිරීමට තම කැපවීම ප්‍රකාශ කළහ. සාකච්ඡාව අතරතුරදි ප්‍රජා සංවර්ධන මුලපිරීම්වලට සහාය වීම සහ ප්‍රදේශයේ ප්‍රජාවගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා හමුදාවේ කාර්යභාරය සේනාංකාධිපති විසින් අවධාරණය කර සිටියේය.

ප්‍රදේශයේ පවතින පොදු අභියෝග සහ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේදී යුද්ධ හමුදාව සහ රාජ්‍ය සහ සිවිල් ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කරමින් සිවිල්-හමුදා සබඳතාවල බැඳීම ප්‍රධාන තේමාවක් ලෙස මෙම සාකච්ඡාවෙදි ඉස්මතුවිය. මෙහිදි එම අරමුණ ඉටුකර ගැනීම සදහා විශ්වාසය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැගීම සඳහා අඛණ්ඩ සන්නිවේදනය සහ සහයෝගීතාවයේ අවශ්‍යතාවය මෙහිදි අවධාරනය කළහ. යුද්ධ හමුදාව සහ ප්‍රජාව අතර සම්බන්ධය සහ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් විවිධ ක්‍රියාකාරකම් මාලාවන් පිලිබදවද මෙම සාකච්ඡාවේදි සාකච්ඡාවට ලක් විය. සිවිල් සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් ක්‍රීඩා ඉසව් සහ මිත්‍රත්වය සහ සුහදතාවය වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන් ඇතුළත් විය.

සමස්තයක් වශයෙන් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මඩකලපු දිස්ත්‍රික්කයේ දිසාපති තුමිය වන ජේ.ජේ.මුරලිදරන් මහත්මිය විසින් සිදු කරන ලද සංචාරය සිවිල් ජනතාව සමඟ සහයෝගීතාවයේ සහ අවබෝධත්වය ඇති කර ගැනිමට මහත් රුකුලක් විය. අවසාන වශයෙන් දිසාපති තුමිය විසින් සේනාංකාධිපති හට 24 වන පාබල සේනාංකය වෙතින් සිදුකරන ලද දායකත්වය සහ සහයෝගීතාවය පිලිබද ඇගයීමකට ලක් කලේය.