Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 20:08:52 Hours

4 වන ගැමුණු හේවා බලඇණියේ ශ්‍රමදායකත්වයෙන් කොච්චිතොට්ටම්, පෙරියපිල්ලුමලේ හි ජිවත්වන ඉතා දිලිදු පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙයි.

75 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එච්එල්විඑම් ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මග පෙන්විම යටතේ 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවශම් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදේශකත්වයෙන් 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධික්‍ෂණය යටතේ 4 වන ගැමුණු හේවා බලඇණි බලප්‍රදේශයේ කොච්චිතොට්ටම්, පෙරියපිල්ලුමලේ හි ජිවත්වන ඉතා දිලිදු පවුලක් වෙනුවෙන් රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනානමකින් යුතු නව නිවස 4 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්පිඅයිඑච් සේනානායක පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මුලිකත්වයෙන් එම ඒකක භඨපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදි.

ශ්‍රි ලාංකික සම්භාවයකින් යුතු එක්සත් රාජධානියේ පදිංචි එලයතම්බි කුමාර නිශාන්තන්ගේ මුල්‍යම පරිත්‍යාගයෙන් මෙම නිවසෙහි ඉදිකිරිම් කටයුතු මාස හතරක් වැනි කෙටි කාලයක් තුලදි නිමාකර නිවෙස් හිමිකරු වන අලගන් සිරිපාලන් මහතා වෙත 2024.06.05 වන දින 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිවි පි කාරියවශම් හා ධානපති එලයතම්බි කුමාර නිශාන්තන් මහතාගේ පුත් විෂ්නු කුමාර නිශාන්තන් මහතාගේ සුරතින් නිවෙසියන් වෙත භාරදෙන ලදි.

මෙම අවස්ථාව සදහා 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි, ප්‍රාදේශිය ලේකම් එරාවුර්පත්තු කේ ධනපාලසුන්දරම්, අණදෙන නිලධාරි 4 වන ගැමුණු හේවා බලඇණිය මේජර් එස්පිඅයිඑච් සේනානායක පිඑස්සි එල්එස්සි හා පොලිස් ස්ථානාධිපති කරදියන්ආරු පොලිස් පරික්‍ෂක තුෂාර හේමචන්ද්‍ර ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වන ලදි.