Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th June 2024 09:12:37 Hours

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති කාත්තන්කුඩි මුස්ලිම ප්‍රජාව අතර හමවෙයි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී කාත්තන්කුඩියේ මුස්ලිම් ප්‍රජාව සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. කමිටුවේ ලේකම් මව්ලවි ඉල්හාම් ෆාලාහි විසින් සේනාංකාධිපති තුමන්උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

කමිටුවේ ලේකම් විසින් කමිටුව සහ ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ සමාජය වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය පිළිබඳව කෙටි විස්තරයක් ලබා දුන්නේය. ප්‍රදේශයේ සිදුවන ප්‍රධාන ගැටලු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ භාවිතය පිළිබඳව ඔවුන් සේනාංකාධිපති හට මෙම හමුවේදී දැනුවත් කරන ලදි.

රට තුළ සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමේ වටිනාකම මුස්ලිම් කමිටුවට අවධාරණය කළ සේනාංකාධිපති සියලු ජාතීන් එකම ප්‍රජාවක් ලෙස ජීවත් විය යුතු බව ද අවධාරණය කළේය. එදිනට මතකයන් එක් කරමින් සේනාංකාධිපති මුස්ලිම් කමිටුව සමඟ ඡායාරූපයකට පෙනී සිටි අතර එහිදි සේනාංකාධිපති හට ඔවුන් විසින් සමරු ඵලකයක් ද පිළිගන්වන ලදි.

පසුව සේනාංකාධිපති කාත්තන්කුඩි අල් අක්සා පල්ලියට ගිය අතර කේඑල්එම් ෆරීඩ් මහතා (සභාපති) විසින් සේනාංකාධිපති උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පල්ලියට ගිය ගමනේදී සේනාංකාධිපති හා පැමිණි සිටි පිරිසට ආශිර්වාද කිරීමට ද ඔවුහු අමතක නොකළහ.

මෙම අවස්ථාව සදහා 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 243 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ 11(සෙව්) ශ්‍රිලංසිරෙ අණදෙන නිලධාරි මෙම අවස්ථාව සදහා සහභාගි විය.