Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 16:29:59 Hours

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පිහිටි අමි/ධම්මරත සිංහල විද්‍යාලයේ සිංහල, දමිළ හා මුස්ලිම් සිසු දරු දැරියන් හට සංගීත භාණ්ඩ අලුත්වැඩියා කර බෙදා දෙන ලදී.

අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ පිහිටි අමි/ධම්මරත සිංහල විද්‍යාලයේ සිංහල, දමිළ හා මුස්ලිම් සිසු දරු දැරියන් ඉගෙනුම ලබන එකම සිංහල පාසලේ නාට්‍ය හා රංගකලාව හැදැරීම සඳහා ඇති වාද්‍ය භාණ්ඩ බොහොමයක් පුහුණුවිම් සඳහා යොදාගත නොහැකිව තිබු අතර එම භාණ්ඩ අළුත් වැඩියා කර දෙන ලෙස විදුහල්පති තුමා විසින් 241 වන පාබල බලසේනාධීපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගෙන් සිදු කරන ලද ඉල්ලිමකට අනුව 241 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි විසින් සම්බන්ධිකරණය කරන ලද මාතර පිහිටි ප්‍රසිද්ධ සංගීත භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් වන ශ්‍රි මධුර ආයතනයේ අධීපති විසින් ගාස්තු අය කිරීමකින් තොරව අළුත් වැඩියා කර දෙන ලදි. ඒ අනුව අදාල සංගීත භාණ්ඩ සිසු දරු දැරියන් වෙත ලබාදිම බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. ඒ සඳහා මෙම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි, විදුහලේ විදුහල්පති, ආචාර්්‍ය මණ්ඩලය, සිසු දරු දැරියන් හා ශ්‍රි විජයාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ද සහභාගි වන ලදි.