Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • 23 වන පාබල සේනාංක මුලස්ථානයේ - 26 වන සංවත්සරය සැමරීම

    29th July 2023 12:38:11 Hours

    23 වන පාබල සේනාංක මුලස්ථානයේ 26 වන සංවත්සරය 2023 ජුලි මස 23 වන දිනට යෙදී තිබු අතර, ඒය සැමරීම සදහා වැඩසටහන් රාශියක් මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

  • 23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව දමිල පාසලක් වෙත පාසල් උපකරණ ක්‍රිඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදෙයි.

    27th July 2023 12:35:10 Hours

    23 වන පාබල සේනාංකයේ 26 වන සංවත්සරයට සමගාමීව මඩ/කකු කිරිම්ච්චෝවෙයි දමිල මිශ්‍ර පාසලෙහි ඉගෙනුම ලබන පාසැල් සිසු දරු දැරියන් 30 දෙනෙකු වෙනුවෙන් රු 150000 වටිනා පාසැල් පොත් පත් හා ක්‍රීඩා භාණ්ඩ හා දිවා ආහාරය ලබාදීමෙහි වැඩසටහනක් 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 6 වන ගජබා රෙජිමේන්තුව හා 233 පාබල බලසේනා මූලස්ථාන විසින් 2023.07.22 වන දින සංවිධානය කරන ලදි.

  • ආරුගම්බේ ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023

    27th July 2023 12:16:42 Hours

    ආරුගම්බේ සංවර්ධන සංසදය (ADF) විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන විසිට් ශ්‍රීලංකා යන තේමාව යටතේ 2023 ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගය 2023 ජුලි මස 23 වන දින 242 පාබල බලසේනාවේ සහභාගීත්වයෙන් 21.1 km, 10 km, හා 5 km කාණ්ඩ තුනක් ලෙස වර්ගිකරණය කර ආරුගම්බේහිදි පවත්වන ලදි.

  • 22 වන පාබල සේනාංකය විසින් “අමා දොර විවර විය” ධර්ම දේශණය සංවිධානය කරයි

    22nd July 2023 13:03:54 Hours

    පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ, 22 වන පාබල සේනාංකය විසින් 2023.07.17 වන දින ත්‍රීකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේදී “අමා දොර විවර විය” නමින් සුධර්ම ධර්ම දේශණයක් සංවිධානය කරන ලදි.

  • 22 සහ 23 වන සේනාංකවල භට පිරිස් එක්ව හබරණ වනාන්තරයේ ඇතිවූ ලැව් ගින්න මැඩපවත්වයි

    20th July 2023 11:39:15 Hours

    7 වන සහ 5 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ යුද හමුදා භට පිරිස් 140 විසින් 2023.07.19 දින තලපත්කන්ද, හතරස්කොටුව ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. සැතපුම් 121 කණුවේ සිට 125 වැනි කණුව දක්වා සහ වර්ග කිලෝමීටර් 7 ක පමන ප්‍රදේශයක ගින්න පැතිර යමින් තිබිණි.

  • 241 පාබල බලසේනාව මගින් අක්කරපත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක ඇසුරුම් පරිත්‍යාග කිරීම

    19th July 2023 12:03:10 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ සම්බන්ධීකරණයෙන්2023 ජුලි 15 වන දින අක්කරපත්තුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100 ක් සඳහා වියළි සලාක ඇසුරුම් බෙදා දෙන ලදී.

  • වෙරළබඩ පරිසරය සංරක්ෂණය කිරීම සඳහා කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන

    19th July 2023 11:47:37 Hours

    කල්මුනේ වෙරළබඩ ප්‍රදේශයේ ඉවතලනදවටන,ප්ලාස්ටික් බෝතල් සහ පොලිතින් හේතුවෙන් වෙරළබඩ පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති අතර එය සුන්දර වෙරළ තීරය අපවිත්‍ර වීමටද හේතු වේ.

  • 24 වන සේනාංකයේ සේනාංකාධිපති නව පාබල බලසේනාව වෙත සංචාරයක්

    17th July 2023 12:14:29 Hours

    24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්රචසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්යෙවෂ්ඨ නිලධාරී 231 වන පාබල බලසේනාව 243 පාබල බලසේනාව වශයෙන් ප්ර්ථීස්තාන ගතකිරිමෙන් පසු 2023 ජූලි 12 වන දින මඩකලපුව දිස්ත්රි ක්කයේ කල්ලඩි ප්රබදේශයේ ස්ථාපිත 243 පාබල බලසේනාව සහ 11 (සෙව්) ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සිය පළමු සංචාරය සිදු කරන ලදී.

  • වාකරේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සදහා වෛද්‍ය සායනයක් හා පාසල් ළමුන් 150ක් සදහා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් පැවැත්විම

    14th July 2023 12:55:14 Hours

    ආරක්‍ෂක සේනා මුළස්ථානය නැගෙනහිර බල ප්‍රදේශයේ 23 වන සේනාංක මුලස්ථානයට අයත් 233 වන පාබල බසේමු බළසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණයෙන් යුතුව පාබල බළසේනාවේ නිළධාරි/සෙසුනිළයින් විසින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය ජානක රාමනායක හා වෛද්‍ය දිනුෂා පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු විද්‍යා පීඨයේ පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අයත් වෛද්‍ය කාර්‍ය මණ්ඩලය සමග සමග සම්බන්ධවි වාකරේ මහා විද්‍යාලයේ ළමුන් 150ක් සදහා රුපියල් 200,000.00 ක් වටිනා පාසල් පොත් බෙදාදිමේ වැඩසටහනක් හා ප්‍රදේශයේ සිවිල් වැසියන් සදහා වෛද්‍ය සායනයක් 2023.07.09 වන දින පවත්වන ලදි.

  • නව 23 වන පාබල සේනාංකාධිපති ධුරයේ රාජකාරි අරඔයි

    09th July 2023 14:09:31 Hours

    බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 ජූලි මස 07 වන දින 23 පාබල සේනාංකයේ 26 වැනි සේනාංකාධිපති ලෙස පුනානි සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී වැඩ භාර ගන්නා ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුව බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සදහා කදවුරු මුරයකින් සහ සම්මාන පෙළපාලියකින් ගෞරවයෙන් පුදකල අතර, සේනාංක මුලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.