Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • 24 පාබල සේනාංකය විසින් නිලධාරීන්, සෙසු නිලයන් සහ අම්පාර දිස්ත්‍රීක්කයේ සිවිල් මාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය විනය පිළිබඳ වැඩමුළුවක්පවත්වන ලදි

    15th November 2023 15:11:53 Hours

    24 පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් දැනුවත් කිරීමේ අධිටනින් "මාධ්‍යයට ඇති බලපෑම" යන මාතෘකාව යටතේ 24 වන පාබල සේනාංකයේ දෙදින වැඩමුළුවක් සංවිධානය කර පවත්වනලදී. එම වැඩසටහන 2023 නොවැම්බර් මස 11 සහ 12 යන දිනයන්හිදී හමුදාව සහ සමාජය පිළිබඳව ධනාත්මක සහ සෘණාත්මක කරුණු පිළිබඳව වසර 23කට වැඩි මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති යුද හමුදාපති මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් මෙම දේශනය පවත්වන ලදී. ඔහුගේ වෙනත් බොහෝ වෘත්තීය සුදුසුකම් සහ ජයග්‍රහණවලට අමතරව වසර ගණනාවක් යුද හමුදා මාධ්‍ය කටයුතුවල නිරත විය.

  • 222 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

    09th November 2023 11:15:12 Hours

    222 වන පාබල බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් කර්නල් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 නොවැම්බර් මස 06 දින කන්තලේ ජයන්තිගම පිහිටි බලසේනා මූලස්ථානයේදී සුබ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදී.

  • 22 පාබල සේනාංක මූලස්ථානය මගින් මූලික මෝටර් බෝට්ටු පුහුණුවක්

    05th November 2023 10:37:31 Hours

    22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත, 22 පාබල සේනාංක බලප්‍රදේශය තුල සිදුකෙරෙන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගි වන සෙනින් හට, පිටත සවි කරන ලද ජල යන්ත්‍ර පිළිබඳ නියාත්මක සහ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක්, 2023 ඔක්තෝබර් 23 සිට 31 දින දක්වා 7 වන ශ්‍රි ලංකා ඉංජිනේරු බලකායේ උපදේශක සහයද ඇතිව මෙම පාසේමුහි පවත්වන ලදි. ඒ සදහා බලප්‍රදේශය තුල රාජකාරි සිදුකරන සෙසුනිළයින් 30 දෙනෙකු සහභාගි වූ අතර, මෙම පාඨමාලාව මගින් බෝට්ටු එන්ජින් කොටස් හදුන්වාදීම, පණ ගැන්වීම, ක්‍රියාවිරහිත කිරීම, දෝෂ හදුනා ගැනීම, දෝෂ මගහරවා ගැනීම, අළුත්වැඩියා කිරීම මෙන්ම ගංගාවක, මහ මුහුදෙහි, සැඩ පහරක සහ ගංවතුර ආපදා තත්වයකදී බෝට්ටුව හැසිරවීම පිලිබද නියාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙනු ලැබූ අතර, අවසානයේදී, ලිඛිත හා ප්‍රායෝගික පරීක්‍ෂණයක්ද පවත්වන ලදී.

  • 12 ශ්‍රීලංජාආබමු හි භට පිරිස් විසින් ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි ලබාදිමේ සමාජ සත්කාර වැඩසටහනක් සංවිධානය කරයි

    30th October 2023 10:55:41 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 232 වන පාබල බලසේනාධිපතිගේ අධික්ෂණය යටතේ 12 ශ්‍රීලංජාආබමු භට පිරිස් විසින් ඇස් පරික්‍ෂා කර ඇස් කණ්නාඩි ලබාදිමේ වැඩසටහනක් 2023 ඔක්තෝබර් 28 වන දින සිදුකරන ලදි

  • 8 ශ්‍රිලංඡාආබමු ඒකකයේ භටපිරිස් විසින් මියගිය රණවිරුවෙකුගේ නිවසක් ප්‍රථිසංස්කරණය කර නැවත භාර දෙයි.

    23rd October 2023 10:29:29 Hours

    24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්දසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් 19 වන දින අම්පාර ගල්මඩුවේදී කෙටි උත්සවයකදී ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ටී ජගත් කුසුම් (විශ්‍රාමික - මියගිය) කොනොනිගේ දරුවන් හට සම්පුර්ණයෙන් ප්‍රථිසංස්කරණය කරන ලද නිවස පවරා දෙන ලදී.

  • 22 පාබල සේනාංක අත්පන්දු අභියෝගතා කුසලානය - 2023

    16th October 2023 09:52:53 Hours

    22 පාසේමු හා යටතේ පාලනය වන පාබසේමු/ඒකක අතර, අත්පන්දු අභියෝගතා කුසලානය 2023 ඔක්තෝබර් මස 10 වන දින 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කදවුරේ අත්පන්දු ක්‍රීඩාපිටියේදි පවත්වන ලදි

  • 74 වන යුද්ධ හමුදා සංවත්සරය සමාජ මෙහෙවරක් සිදුකරමින් 22 වන පාබල සේනාංකය සමරයි

    11th October 2023 08:41:50 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සමාජ මෙහෙවරක් ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ සේරුවිල සහන සෙවන තුල නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා ඇති අයවළුන් හට අවැසි දෑ පිරිනැමීමේ වැඩසටහනක් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2023.10.6 වන දින පෙව: 1100 පැයට සහන සෙවන පරිශ්‍රය තුල පවත්වන ලදී

  • ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති 24 වන පාබල සේනාංකයේ සංචාරයක් සිදුකරයි

    10th October 2023 15:21:45 Hours

    ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ටීසී මෙත්තානන්ද යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 24 වන පාබල සේනාංකය හා යටතේ පාලනය වන පාබල බළසේනා මූලස්ථාන, ඒකකයන්හි නිරවුල් නොවී පවතින පාලන/භකාස ගැටළු පිළිබදව සාකච්ඡාවක් පවත්වන ලදි

  • 24 වන පාබල සේනාංකය අම්පාර වඩිනාගල විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපාංග පරිත්‍යාග කරන ලදී

    09th October 2023 11:44:24 Hours

    24 වන පාබල සේනාංකය විසින් 2023 ඔක්තෝම්බර් 4 වන දින අම්පාර වඩිනාගල විද්‍යාලයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද්දේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නංවාලීමට අතහිත දීමේ අරමුණ ඇතිවය. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ උපදෙස් පරිදි 241 පාබල බලසේනාවේ සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සහය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

  • සුනාමි පුහුණු අභ්‍යාසය "IO WAVES 2023" කුච්චවේලිහිදී පවත්වන ලදී

    07th October 2023 12:15:42 Hours

    සුනාමි ව්‍යසනයේ අනාගත අභියෝගය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කුච්චවේලි ප්‍රදේශයේ ඕනෑම සුනාමි තත්ත්වයකට එරෙහිව ප්‍රජාව දැනුවත් කිරීමේ අභ්‍යාසයක් පවත්වන ලදී. 2023 ඔක්තෝබර් 04 වැනි දින පුදවයිකඩ්ඩු මතුරන්කුඩා සාගරපුර ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව ඉවත් කිරීම සහ අන්-නූර් මුස්ලිම් විද්‍යාලය කුච්චවේලි සිසුන් ඉවත් කිරීම මෙම අභ්‍යාසයේදී සිදු කරන ලදී.