?
10th May 2025 19:24:56 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ, 242 පාබල බලසේනාව විසින් ප්‍රජා සුභසාධන වැඩසටහනක් පවත්වන ලදී.
2025 මැයි 08 වන දින 242 පාබල බලසේනාවේ භට පිරිස් විසින් ඉතා වැදගත් හා ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අරුගම්බේ වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළහ.
මෙම සුභසාධන වැඩසටහනේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 242 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.