?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th May 2025 08:36:04 Hours

7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ, 231 පාබල බලසේනාව යටතේ පිහිටා ඇති 7 වන සැහැල්ලු රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

2025 මැයි 10 වන දින තිබිරිගස්වැව ප්‍රාථමික පාසලේ පැවති මෙම උත්සවයේදී සිසුන් 63 දෙනෙකුට ප්‍රතිලාභ සැලසුණු අතර බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී, සුජානි ප්‍රනාන්දු මහත්මිය සහ ඔවුන්ගේ ඥාතීන්ගේ ත්‍යාගශීලී මූල්‍ය අනුග්‍රහය තුළින් සිදු කරයි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙම අවස්ථාව සදහා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ අනෙකුත් නිලයන් ද සහභාගී විය.