?
16th May 2025 16:50:59 Hours
23 වන පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාත් සංජීව ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබළ සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් විසින් 2025 මැයි 12 සහ 13 යන දිනයන්හිදි “වෙසක් උත්සවය සැමරීමේ” වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සදහා සෙවණපිටිය සුසිරිගම සාම විහාරාධිපති පූජ්‍ය සුසිරිගම සංඝරක්ඛිත ස්වාමීන් වහන්සේ විසින් භඨපිරිස් සඳහා අගමික අනුශාසනාවක් පවත්වන ලද අතර මියගිය රණවිරුවන් ආබාධිත රණවිරුවන් සේවයේ යෙදී සිටින රණවිරුවන්සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වාද කිරීම ද සිදු කරන ලදී. බෝධි පුජාවෙන් පසු එදිනම සවස1900 පැයේ සිට සවස 2200 පැය දක්වා ප්‍රෙද්ශයේ වෙසෙන ජනතාවට සහ පොළොන්නරුව - මඩකළපුව මාර්ගයේ ගමන් ගන්නා මගීන් සදහා බනිස් දන්සලක් විවෘත කෙරිණි. පුනානි අවට ගම්මානවලින් සහ මගීන් 2000 ට ආසන්න පිරිසක් දන්සලට සහභාගී වුහ.
තවද, 23 වන පාබළ සේනාංකයේ සහ බළඇණි පුහුණු පාසලේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ භඨපිරිස් විහාරස්ථානයේ පැවති බෝධි පූජාව සඳහාද සහභාගී වූහ.