08th January 2024 11:39:35 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය සහ 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් කේ එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.
02nd January 2024 10:26:01 Hours
22 වන පාබල සේනාංකයේ රාජකාරි නිරත නිලධාරි/සෙසුනිලයින් විසින් සේරුවිලමංගල රාජමහා විහාරයේ දහම් පාසලහි ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් 250 කට දිවා ආහාර වේලක් ලබාදිම බම්බලපිටිය, රාජා ජුවලර්ස් ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂක වන අතුල එලියපුර මහතාගේ ධන පරිත්‍යාගයෙන් 2023 දෙසැම්බර් මස 31 වන ඉරුදින පවත්වන ලදි.
31st December 2023 21:31:39 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) 29 වන ආඥාපති වශයෙන් බිග්‍රේඩියර් ඩබ්ලිව් එම් එස් එන් විජේකෝන් එන්ඩිසි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023.12.28 වන දින සුබ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
29th December 2023 14:29:36 Hours
223 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මුතුර් ශාන්ත අනා දෙවස්ථානයේ කැරොල් ගී කණ්ඩායමේ සහභාගිත්වයෙන් 2023 දෙසැම්බර් මස 26 වන දින මෙම පාබල බලසේනා මුලස්ථානයේ දී හා මූතූර් නගරයේ ස්ථාන කිහිපයක කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී. මෙම කැරොල් ගී ප්‍රසංගයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස මෙම බලසේනාවේ බලසේනාධිපතිතුමන් හා ශාන්ත ආනා දෙවස්ථානයේ ප්‍රධාන පුජකතුමන් සහභාගි විය.
29th December 2023 14:07:50 Hours
නායකත්වය වැඩිහිටි වියට සීමා නොවේ; එය කුඩා කල සිටම පෝෂණය කළ හැකි කුසලතාවකි. මෙය හඳුනා ගනිමින් 2023 දෙසැම්බර් 18 වන දින අම්/බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සහ දමන මහා විද්‍යාලයේ බාලිකා සිසුවියන් 90 දෙනෙකු සඳහා නායකත්ව වැඩසටහනක් 24 සේනාකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් තරුණ සිත් තුළ මූලික නායකත්ව ගුණාංග ඇති කිරීම, අනාගතයේදී විශ්වාසවන්ත, වගකිවයුතු සහ ඵලදායී නායකයන් වීමට ඔවුන් දිරිගැන්වීම සදහා නායක්ව වැඩසටහන පවත්වන ලදි.
19th December 2023 15:20:50 Hours
කර්නල් ජිටිඑස් සිල්වා යුඑස්පි කිවිඑල්සීඕ එල්එස්සි ඒටිඕ ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් පාලන/භකාස නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.
17th December 2023 09:15:24 Hours
22 වන පාබල සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු 2023 දෙසැම්බර් 07,09,13යන දිනයන්හි 221 පාබසේමූ, 222 පාබසේමූ හා 223 පාබසේමූ සහ එම බලසේනා මූලස්ථානයන් යටතේ පාලනය වන ඒකකයන්හි පළමු නිල සංචාරය සිදු කරන ලදි.
15th December 2023 21:27:40 Hours
24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. දුෂ්කර ප්‍රදේශයන්හි සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට අත්වැලක් සැපයීමේ අරමුණින් 2023 දෙසැම්බර් 13 වන දින අම්පාර එක්ගල්ඔය විද්‍යාලයේදී වැඩසටහන පවත්වන ලදි.
15th December 2023 13:05:20 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයකට අනුව 23 වන පැබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සම්බන්ධිකරණය හා පුර්ණ අධීක්ෂණය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹූලාගල කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වැලිකන්ද කොට්ටාශයේ යටිතල පහසුකම් වලින් තරමක් අඩු පාසැල් දෙකක් වන සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ හා සිංහපුර කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරිම හා ඔවුන් හට ආර්ථිකමය වශයෙන් අත්වැලක් ලබාදිමේ අරමුණින් 2024 පාසැල් වර්ෂය වෙනුවෙන් සිසුන්ට අවශ්‍ය පොත්පත් ඇතුලු පාසැල් උපකරණ කට්ටලයක් 2023.12.12 දින එම පාසැල් සිසු දැරියන් වෙත ලබාදිම සිදුකරන ලදි.
12th December 2023 14:25:33 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ දැක්ම සහ මගපෙන්වීම යටතේ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සේරුවාවිල ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ 1 සිට 4 ශ්‍රේණියේ ආර්ථික අපහසුතා ඇති සිසුන් 101ගේ අධ්‍යාපනය දිරිමත් කිරීමේ අරමුණින් පාසල් ලිපි ද්‍රව්‍ය සහ උපාංග බෙදා හැරීමේ වැඩසටහනක් පවත්වන ලදී. 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සීඩීපී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ භට පිරිස් විසින් 2023 දෙසැම්බර් 10 වන දින සේරුවාවිල මංගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම උත්සවය සංවිධානය කරන ලදී.