04th February 2025 08:42:31 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ) ට අයත් 12 වන ගැමුණුහේවා බළඇණියෙහි බටපිරිස් ,පිඹුරත්තෑව වන අඩවිනිළධාරී කාර්යාලයට අයත් නිළධාරීන් සහ දිඹුලාගල මහවැලි කාර්යාලයේ නිළධාරීන්ද ඒකාබද්ධව වීරලන්ද වැව අවට සිට දිඹුලාගල ප්‍රාදේශිය ලේඛම් බලප්‍රදේශයට ගල් එළිය,වරාපිටිය,වෙහෙරගල, සහ කජුවත්ත යන ග්‍රාම නිළධාරී කොඨ්ඨාෂ වලට අයත් කුඹුරු ඉඩම් ,අනෙකුත් වගාවන් ,දේපල සහ මිනිස් ජීවිත වලට තර්ජනයක්ව පැවති වන අලි ගැටළුවට විසදුමක් ලෙස, වන අලින් 21 දෙනෙකු මෙලෙස මාදුරුඔය වනෝද්යානයට සුරක්ෂිතව යොමු කරන ලදි. මෙම ප්‍රෙද්ශ වල අක්කර 800 පමණ වී වගාවන් සිදුකරති. මෙහිදී මිනිස් ජීවිත දේපල මෙන්ම වන අලින්ටද සිදුවිය හැකි හානි වලක්වාගැනීමද මෙම මෙහෙයුම සිදුකිරීමේ ප්‍රධාන අරමුණක් විය.
මෙම මෙහෙයුම් කටයුතු ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර ),මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒ ඩබ් සී,පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ අණදීමෙන් සහ ව්යාපෘතිභාර නිළධාරී ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ),බ්‍රිගේඩියර් ඩබ් එස් ආර් කුමාර යූඑස්පී අයිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ සිදුකෙරිණි.
මෙම මෙහෙයුම සදහා ජ්‍යෙෂ්ඨ ,කණිෂ්ඨ නිලධාරීන් ,සෙසු නිලයින් ,වනජීවී නිළධාරීන් ,මහවැලි කාර්යාල නිළධාරීන් මෙන්ම ගම්වාසීන් ද සහභාගී විය.