Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

උණුසුම් පුවත්

  • නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත කසල බඳුන් පරිත්‍යාග කරන ලදි

    07th October 2023 10:31:49 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් 2023 සැප්තැම්බර් මස 30 වන දින ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත කසල බඳුන් හතර පරිත්‍යාග කරන ලදී. දිඹුලාගල විහාරයේ සිට "අහස් මාලිගාව" දක්වා මාර්ගය දෙපස කසළ බඳුන් ස්ථාපිත කිරීම සඳහා නිලධාරියෙකු ඇතුලු සෙසු නිලයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.

  • 22 වන පාබල සේනාංකය ජාත්‍යන්තර ළමා දිනය සමරයි

    05th October 2023 10:13:41 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයේ භට පිරිස් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් 01 සහ 02 යන දෙදින තුළ 22 වන සේනාංක කොට්ඨාශ බල ප්‍රදේශයේ ළමුන් සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් සංවිධානය කරන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මාර්ගෝපදේශය මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ උත්සව සංවිධානය කරන ලදී.

  • ලෝක ළමා දිනයට සමගාමීව 23 පාබල සේනාංකය විසින් ළමා සුභසාධන වැඩසටහන්

    05th October 2023 10:10:19 Hours

    231 වන පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ ඇති 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව රොටවැව ආලෝකාරාම දහම් පාසලේ සිසුන් 130 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදුන් අතර, දෙහිඅත්තකණ්ඩිය ශ්‍රී ඉන්ද්‍රසාර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් 22 දෙනෙකු සඳහා 12 වන ගැමුණු හේවා බළඇණිය විසින් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථා දෙකේදීම සංගීත විනෝදාස්වාදය සමඟ සිසුන්ට දිවා ආහාරය ලබා දීම ඇතුළත් වූ අතර, බළඇණි දෙකෙහිම අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

  • 24 වන පාබල සේනාංකය විසින් ළමා දින වැඩසටහන් බලප්‍රදේශය පුරා සංවිධානය කරන ලදී

    05th October 2023 10:06:46 Hours

    2023 ලෝක ළමා දිනය නිමිත්තෙන් 24 වන පාබල සේනාංකය විසින් 2023 ඔක්තෝම්බර් 01 සහ 02 යන දෙදින තුළ බලප්‍රදේශය පුරා ළමා දින වැඩසටහන් සංවිධානය කරන ලද්දේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයූපී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මගපෙන්වීම මත 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එල්එස්ඩීඑන් පතිරත්න ආර්එස්පී යූඑස්පී සහ 243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒඑම්සි කුමාරසිංහ විසින් මෙම උත්සව සංවිධානය කරන ලදී.

  • ලෝක ළමා දිනය වෙනුවෙන් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) විසින් වැඩසටහන් මාලාවක් පවත්වයි

    05th October 2023 10:04:45 Hours

    ලෝක ළමා දිනයට සමගාමීව ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ටීසී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ අණදෙන බලඇණිය විසින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. වැඩසටහන් සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් මූලික සංකල්පීය මගපෙන්වීම ලබා දෙන ලදී.

  • 23 වන පාබල සේනාංකයේ අලුත් සහල් මංගල්‍ය උත්සවයක් පවත්වයි

    04th October 2023 10:00:55 Hours

    23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංක මුලස්ථාන සෙනීන් විසින් “යල කන්නය” සදහා 23 වන පාබල සේනාංකයට අයත් සිද්ධපුර කුඹුරෙහි අක්කර 23ක පමණ ප්‍රමාණයක් අස්වද්දන ලද අතර, එහි වී අස්වනු නෙලීමෙන් පසු23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් අලුත් සහල් මංගල්‍ය උත්සවය සංවිධානය කරන ලදී.

  • 22 පාබල සේනාංකය විසින් 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී

    22nd September 2023 11:58:21 Hours

    22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් මත 221, 222 හා 223 පාබල බලසේනාවේ බලසේනාධිපතිවරුන් සහ 22 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි විසින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කට්ටල බෙදාදීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් 18 වන දින සංවිධානය කරන ලදී.

  • ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි සුබ මොහොතින් රාජකාරි අරඹයි

    21st September 2023 08:46:56 Hours

    කර්නල් අයි ඡි ඡේ පි තිලකරත්න යූඑස්පී ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි 2023 සැප්තැම්බර් 19 වන දින ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු සුබ මොහොතින් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලෙස වැඩ භාර ගන්නා ලදී.

  • මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න උසස්වීමෙන් පසු උපහාර ලබයි

    18th September 2023 11:11:57 Hours

    23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ‌ෙමිජර් ජෙනරාල් කේවීඒන්පී ප්‍රේමරත්න ආර්ඒස්පි යුඒස්පී පීඒස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ‌ෙමිජර් ජෙනරාල් නිළයට නිළ උසස් කිරී‌මෙන් පසු යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුහද හමුවට සහභාගී වීමෙන් අනතුරුව 23 පාබල සේනාංක මුලස්ථානයේ නිලධාරීන් හා සෙසුනිළයින් විසින් 2023.09.16 වන දින යුද්ධ හමුදා සමිප්‍රධායට අනුව උපහාර පිරිනැමී‌‌ෙමි උත්සවයක් සංවිධානය කරන ලදි.

  • ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති 23 පාබල සේනාංකයේ සංචාරයක

    13th September 2023 16:11:56 Hours

    ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ටිසි මෙත්තානන්ද යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023 සැප්තැම්බර් 8 වන දින 23 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත විය.