?
26th June 2025 12:06:26 Hours
මේජර් ජෙනරාල් ජී පි පි කුලතිලක එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 23 වන පාබළ සේනාංකයේ 29 වන සේනාංකාධිපති වශයෙන් 2025 ජුනි මස 23 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.
26th June 2025 12:02:15 Hours
23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී එස් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 22 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදි.
26th June 2025 09:41:16 Hours
ආරක්ෂක සෙනා (නැගෙනහිර) ආඥාපතිතුමාගේ මඟ පෙන්වීම සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ, අඛණ්ඩ සිවිල්-හමුදා සම්බන්ධීකරණ කටයුතුවල කොටසක් ලෙස, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුව විසින් වියළි සලාක සහ දිවා ආහාර පැකට් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
21st June 2025 15:54:24 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ) ට අයත් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 7 වන රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකායේ 12 වන බලඇණිය, විජයබාහු පාබල රෙජිමේන්තුවේ 3 (ස්වේච්ඡා) බලඇණිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ මහවැලි නිලධාරීන්ද නිළධාරීන්ද ඒකාබද්ධව 2025 ජුනි මස 19 වන දින මිවත්පුර සිට නුවරගල දක්වා වන අලි 26 දෙනෙකු පලවා හැරීමේ මෙහෙයුමක් සිදු කරන ලදී. මෙම මුලපිරීම කුඹුරුවලට වන අලින්ගෙන් සිදුවන හානිය අවම කිරීම සහ ප්‍රදේශවාසීන් ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන ඇත.
06th June 2025 11:39:13 Hours
2025 ජුනි 05 වන දින සමරනු ලැබූ ලෝක පරිසර දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) අණදෙන නිලධාරිතුමගේ මඟ පෙන්වීම යටතේ, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ඇති ආයතන කිහිපයක් පාරිසරික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.
01st June 2025 18:35:54 Hours
22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජිඒටි ගොඩෙවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 මැයි මස 28 වන දින සුභ මොහොතින් නව ධූරයෙහි රාජකාරි ආරම්භ කලේය.
29th May 2025 12:13:12 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, සහ 22 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරී ජෙනරාල්වරයාගේ සමීප අධීක්ෂණය යටතේ, නැගෙනහිර ප්‍රදේශයේ සිවිල්-හමුදා සම්බන්ධීකරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ මුලපිරීම්වල කොටසක් ලෙස, 223 වන පාබල බලසේනාව යටතේ යොදවා ඇති ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන බලඇණිය, ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අනුග්‍රහය ඇතිව වෛද්‍ය කඳවුරක් පවත්වන ලදී.
28th May 2025 06:27:22 Hours
ශ්‍රී ධනංජය රාජමහා විහාරයට ආසන්නව පිහිටා ඇති ධානිගල කන්ද නැගිම සදහා 2025 මැයි 27 වන දින දහවල් 1200 පැයට පමණ සිවිල් වැසියන් 04 දෙනෙකු ගොස් ඇති බවත් එහිදි එම අයවලුන් අතරමන්වි ඇති බව අරලංවිල පොලිසිය මගින් කළ දැනුම් දීමකට අනුව 12 වන ගැමුණු හේවා බලඇණියෙහි අණදෙන නිළධාරීද ඇතුළු නිළධාරී දෙදෙනෙකුගේ සහ සෙසු නිළයින් 08 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී අදාල සිවිල් පුද්ගලයින් 04 දෙනා නිරුපද්‍රිතව සවස 1845 ට පමණ බේරා ගන්නා ලදි.
20th May 2025 10:18:56 Hours
243 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ සංකල්පයකට අනුව සෙසු නිලයන්ගේ සුභසාධනය හා ජීවන තත්වය වර්ධනය කිරීමේ අරමුනින් නවතමයෙන් ඉදිකරන ලද "විරුවන්ගේ නවාතැන" භටනිවාස සංකීර්ණය 2025 මැයි මස 10 වන දින 243 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමා විසින් විවෘත කරන ලදී.
16th May 2025 18:28:37 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී. ආර්. පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, සිවිල් හමුදා සම්බන්ධීකරණ කටයුතුවල කොටසක් ලෙස 2025 මැයි 12 වන දින වෙසක් පොහොය දින 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් 22 වන පාබල සේනාංකය 2025 වෙසක් උත්සවය සමරනු ලැබීය.