?
21st September 2025 09:29:24 Hours
ත්‍රිකුණාමලය ත්‍රි/සංගමය ප්‍රාථමික විදුහලේ ඉගනුම ලබන සිසුන් සදහා පොත්පත් සහ අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැදගත් සාමාජ සුභසාධක වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 17 වන දින පැවැත්වෙන ලදි. මෙම වැඩසටහන සදහා 221 පාබල බලසේනාධිපති තුමන් වන බ්‍රිගේඩියර් ඊ ඩබිලිව් ආර් එස් බි ඇහැලේපොල යුඑස්පි යුඑස්ඒසිජිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව සිදුකල අතර, මේ සදහා සංවිධායක කටයුතු 2(සෙව්) ගරෙ ඒකකයේ අණදෙන නිළධාරි විසින් සිදුකරන ලදි.
මෙම පරිත්‍යාගය සදහා කැනඩාවේ පදිංචි ඉන්පනාතන් ශෂි කුමාර් මහාතා හා පවුලේ සාමාජිකයන් මෙන්ම ශ්‍රි ලංකාවේ පදිංචි චිමිල සමරජිව මහතාද මේ වෙනුවෙන් දැරු දායකත්වය මුලික විය. 221 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සම්බන්ධිකරණයෙන් පරිත්‍යාගය ලැබුනු අතර, මෙමගින් සිසුන්ට අතිරේක අධ්‍යාපනික සහයක් ලබාදි ඉගනුම සහ සංවර්ධණ අවස්ථා ශක්තිමත් කිරිමට වැඩි දායකත්වයක් ලබාගත හැකිවේ.
මෙම වැඩසටහන මගින් සමාජ එකමුතුවේ වැදගත්කම දේශිය මෙන්ම විදේශිය ධානපතියන්ගේ අනුග්‍රාහකත්ය මගින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු පහසුකම් සහිතව අධ්‍යාපණය ලබන සිසුන්ගේ අධ්‍යාපනය මට්ටම ඉහල නැංවිම සදහා උපකාරි වන බවත් මේ සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සම්බන්ධිකරණය විම වැදගත් ස්ථානයක් ගන්නා බැවි තහවුරු වේ.