?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th September 2025 14:29:54 Hours

221 පාබල බළසේනා මුලස්ථානයේ ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ජාවක් පැවැත්විම

221 වන පාබල බලසේනා මූලස්ථානය තුලදි 2025 සැප්තැම්බර් 11 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය සාධක බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරක්‍ෂක සම්බන්ධීකරණ සාකච්ජාවක් කැඳවන ලදී. මෙම සාකච්ජා 221 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඩබ්ලිව් ආර් එස් බී ඇහැලේපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සාකච්ජාව පාබසේමු ප්‍රදේශයතුළ පවතින ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමට, වැදගත් තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට සහ අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේය. වර්තමානයේ ඇතිවන ගැටළුකාරි තත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ආරක්‍ෂක අංශ හා පොලිසිය එක්ව කටයුතු කිරිමේ වැදගත්කම මෙම සාකච්ඡා මගින් අවධාරණය කරන ලදී.

මෙම ආරක්‍ෂක සම්බන්ධීකරණ රැස්වීම මගින් ආරක්‍ෂක අංශ හා පොලිසිය අතර, සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ අතර, බලප්‍රදේශය තුල සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සියළු ආරක්‍ෂක අංශ සාමාජකයන් අතර තිරසාර සහයෝගීතාවයක් ඇති කර ගැනිම සඳහා ප්‍රථිරූපයක් නිර්මාණය කළේය.