?
12th September 2025 12:23:17 Hours
12 වන ගැමුණු හේවා බළඇණි බළප්‍රදේශයට අයත් දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 210 දළුකාණ ග්‍රාම නිලධාරි වසමේ අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා වියළි සලාක මළු බොදා දිමේ වැඩසටහනක් 2025.09.08 වන දින මනම්පිටිය මහවැලි ප්‍රථිභා රංග ශාලවේදි 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඉෂාර වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබු අතර, ඒ සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නියෝජනය කරමින් නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකරු අනුෂ්කා ජයරත්න මහත්මිය මෙන්ම දිඹුලාගල ප්‍රාදේශිය ලේකම් පරිපාලන ග්‍රාම නිලධාරි කරුණාසිංහ මහතා හා මනම්පිටිය උප පොලිස් පරික්ෂක සුමනරත්න මහතාද සහභාගීත්වයෙන් යුතුව සිදුකරන ලදි .
මෙම වැඩ සටහන 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඉෂාර වැලිවිට ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උදාරතර සංකල්පයකට අනුව 12 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් අසේල ගුණසේකර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් හා සෙසුනිලයින්ගේ සංවිධානයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදි.
210 ග්‍රාම නිලධාරි වසමේ දුෂ්කරතාවයෙන් පෙලෙන අඩු අදායම්ලභි පවුල් 80 ක් සදහා රු.5500.00 කට වඩා වටිනාකමකින් යුත් වියළි සලාක මළු සදහා වු මුල්‍යමය අනුග්‍රහය දක්වනු ලබන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ හේමාස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ශ්‍රිරෝමි මාසකෝරාල මැතිනිය විසින් මෙම වැඩ සටහන සදහා මුල්‍යමය දායකත්වය ලබා දෙන ලදී.