?
13th September 2025 10:44:18 Hours
233 වන පාබළ බළසේනාවේ 31 වන බළසේනාධිපති වශයෙන් කර්නල් එස් ජේ එම් එන් එස් පෙරේරා යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025 සැප්තැම්බර් මස 10 වන දින ආගමික වතාවත් හා චාරිත්‍රවලට අනුව වැඩ භාර ගන්නා ලදී.
හමුදා සම්ප්‍රදායන්ට අනුව 7 වන ගැමුණුහේවා බළඇණියේ භඨපිරිස් විසින් 233 වන පාබළ බළසේනා මූලස්ථාන පරිශ්‍රයේදී කඳවුරු මුරයකින් එතුමන්හට ගෞරවය පුදකල අතර බළසේනා මූලස්ථානයෙහි සියලු නිලධාරීන් සහ සෙසුනිළයින් විසින් එතුමන් ගෞරවයෙන් පිළිගන්නා ලදී.
ඉන්පසු සුභ මොහොතින් ආගමික වතාවත් සිදුකිරීමෙන් අතුරුව බළසේනාධිපති තුමන් තම කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබිමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනීසිටීන ලදි. තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සිදු කිරීමෙන් පසු නව බළසේනාධිපතිතුමන් භඨපිරිස් අමතන ලදි.
අනතුරුව බළසේනාධිපතිතුමන්ගේ කාර්යාලයේදී බළසේනා මූලස්ථාන නිලධාරීන් විසින් නව බළසේනාධිපතිතුමන් හට 233 බළසේනා මූලස්ථාන බළප්‍රදේශය පිළිබද දැනුවත් කරන ලදි. මෙම උත්සව අවස්ථාව සඳහා අණදෙන නිලධාරීන්, බළසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.