Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd November 2024 10:25:50 Hours

24 පාබල සේනාංක මූලස්ථානයෙහි මූලිකත්වයෙන් අම්පාර ගල්කන්ද ප්‍රාථමික පාසල සදහා පාසැල් උපකරණ සහ සංගීත භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි.

අඩු සම්පත් සහිත අම්පාර ගල්කන්ද ප්‍රාථමික පාසල සදහා ආධාර කිරීම අරමුණු කර ගනිමින් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 24 වන පාබල සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 28 වන දින මහත් උත්සවශ්‍රීයෙන් සංවිධානය කරන ලදි.

ශ්‍රී ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයෙහි විහාරාධිපති වශයෙන් කටයුතු කරන අති පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත දිගාමඩුල්ලේ විමලානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ශාක්‍ය තරුණ සමූහයේ ත්‍යාගශීලී මූල්‍ය ආධාර හරහා මෙම වැඩසටහන සිදු කරන ලදි.

මෙම වැඩසටහනේදී පාසල් තූර්ය වාදක කණ්ඩායම සදහා සංගීත භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම සිදු කෙරුණු අතර, එමගින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා සැළකිය යුතු සම්පත් දායකත්වයක් ලබාදෙන ලදි. මෙම ප්‍රධානෝත්සවය ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරී කර්නල් ධම්මික ජයරත්න යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහ මහාචාර්ය කෞමදී කරුණාගොඩ මැතිණියගේ සම්බන්ධිකරණය මත සිදුවිය.

යුද්ධ හමුදාව වෙතින් සිවිල් ජනතාවගේ අධ්‍යාපන මෙන්ම සමාජ තත්වය වර්ධනය කිරීම වෙනුවෙන් කැපවන බැව් මනාව විදහාපාන ලැබූ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් යුද්ධ හමුදාව පිළිබදව සිවිල් ජන සමාජය තුළ ආකල්පයන් ධනාත්මක ලෙස ශක්තිමත් වේ.

තවද, එම පාසලේ ගුරු භවතුන් හා දෙමාපියන් මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ අතර, අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබදව හා මෙම මුළ පිරීම යුද්ධ හමුදාව හා සිවිල් ජන සමාජය අතර බැදීම ශක්තිමත් කරමින් සමාජයට ධනාත්මක ලෙස දායක වීමට සන්නද්ධ හමුදාවන්ගේ අඛණ්ඩ කැපවීමෙහි සාක්‍ෂියක් බවත්, මෙවැනි ත්‍යාගශිලී දායකත්වයන් තුළින් ඉදිරි පරම්පරාවට පාසල් අධ්‍යාපනය තුළින් දීප්තිමත් අනාගතයක් උරුම කරදීම ප්‍රධානතම අරමුණ බවත් සමාරම්භක දේශණයේදී 24 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති විසින් ප්‍රකාශ කරන ලදි.