Skip to main content
Header Sinhala
ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර)
ඉතිහාසය
ආරක්ෂක සේනා (නැ) ආඥාපති
හිටපු ආඥාපතිවරුන්
සංවිධානය
සේනාංක
22 සේනාංකය
23 සේනාංකය
24 සේනාංකය
භටකාර්ය සම්පාදක අණසක (නැගෙනහිර)
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
05th December 2024 13:46:26 Hours
232 පාබල බලසේනාවේ බලසේනාධිපති රාජකාරි භාර ගන්නා ලදි.
කර්නල් ආර් ආර් සී කරුණාරත්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 232 පාබල බලසේනාවේ 21 වන බලසේනාධිපතිවරයා ලෙස 2024 දෙසැම්බර් 02 දින හමුදා සම්ප්‍රදායන් හා චාරිත්‍රානුකූලව තොප්පිගල, තාරවිකුලම්, බලසේනා මූලස්ථානයේ දී රාජකාරි භාර ගන්නා ලදී. බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බලසේනාධිපති වරයා වෙත බල සේනා භඨපිරිස් විසින් 232 හමුදා සම්ප්‍ර දායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.පසුව, එතුමන් කාර්යාල පරිශ්‍රෙය්දී සිය ධූරයේ කටයුතු නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තැබු අතර, සිවිල් සම්බණ්ධීකරණ නිලධාරි, ලුතිනන් කර්නල් බී එම් අයි බාලසූරිය එස් එල් එන් ජී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. මෙම අවස්ථාව සංකේතාත්මකව සනිටුහන් කිරීම සඳහා මූලස්ථාන සංකීර්ණය ඉදිරිපිට පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බලසේනාධිපති බෞද්ධාගමික ආගමික වතාවත්වලට සහභාගි වූ අතර එහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර බලසේනාධිපතිගේ නව පත්වීමට ආශිර්වාද කළහ. බලසේනාධිපති විසින් දේශනයේදී 232 පාබල බලසේනා මූලස්ථානයේ සහ ඊට අනුබද්ධ බලඇණිවල භට පිරිස් වෙත තම සේවා විෂය පථය සහ රාජකාරිය විස්තර කල අතර, සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලුම නිලධාරින් සහ සෙසු නිලයන් සමග තේ පැන් සංග්‍රහය සදහාද එක්වන ලදි.