Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2024 17:36:13 Hours

තාවුල්වැව බළඇණි පුහුණු පාසල නැවත ප්‍රතිසංස්කරණය කරයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී ඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑච්පී රංගජීව යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණයට යටතේ අතහැර දමා තිබූ තාවුල්වැව බළඇණි පුහුණු පාසල නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ඒ සහ ​​බී බලඝණ දෙක ස්ථාපිත කර ඇත.

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ඒ සහ ​​බී බලඝණයන් ඉඳිකටුවැව සහ මයිලවැව හි ස්ථානගත කර තිබු බැවින්. 2024 මැයි මස 3 වන දින විවෘත කිරීමේන් පසු එම බලඝණයන් තාවුල්වැව යුධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී ස්ථානගත කර ඇත.

මෙම අවස්ථාව සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති හා 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිළධාරී/නිලධාරී ඇතුලු සෙසුනිලයින් සහභාගී වන ලදි.