Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th May 2024 13:46:35 Hours

අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තබයි

සේරුවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් 2024 මැයි මස 12 දින පැවැත්විය.

222 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධීක්‍ෂණය යටතේ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුභෝදි නායක හිමිපාණන් වහන්සේගේ සම්බන්ධිකරණයෙන් ඇමරිකාවේ පදිංචි වෛද්‍ය පූජා ශකූර් මහත්මිය විසින් මුල්‍ය අනුග්‍රහකත්වය සිදු කරනු ලබයි. නව නිවසේ ඉදිකිරීම් කටයුතු 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී. ඒ. එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී වූ අතර, 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභීන්ද සහභාගී විය.