Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th May 2024 17:24:39 Hours

මඩ/කල්කුඩා ශ්‍රි සිලාලංකාර සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රජා සත්කාර වැඩසටහන් පවත්වයි.

ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පි කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්‍ෂණය යටතේ රොෂාන් මහානාම භාරයේ මුල්‍ය අනුග්‍රහයෙන් මෙම පාබසේමු යටතේ පාලනය වන 4 ගැහේබ ඒකක බලප්‍රදේශයට අයත් පුන්නකුඩා දේවාලංකාර ගම්මානයේ "නැගෙනහිරු" පෙර පාසලේ සහ මඩ/කල්කුඩා ශ්‍රි සිලාලංකාර සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන් වෙනුවෙන් මෙම ප්‍රජා සත්කාර වැඩසටහන පවත්වන ලදි.

මෙම සමාජ සත්කාරය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්කේඩි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණය මත රොෂාන් මහානාම භාරය රු:- 275000.00 ක මූල්‍යම දායකත්වයෙන් සහ 4 වන බළඇණියේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පුන්නකුඩා නැගෙනහිරු පෙර පාසලේ වැසිකිලි පද්ධතිය හා රු 250000.00 ක වටිනිකමකින් යුත් සෙල්ලම් මිදුල සදහා වන සෙල්ලම් භාණඩ දරුවන්ගේ ප්‍රයෝජනය සදහා භාරදිමේ උත්සවය 2024.05.04 වන දින පවත්වන ලදි.

එයට සමගාමිව මඩ/කල්කුඩා ශ්‍රි සිලාලංකාර සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සදහා රු:- 800000.00 ක වටිනා ගුරු මේස, ගුරු පුටු, සිසු පුටු හා ඩෙස් බෙදාදිම එම විද්‍යාලයේදි සිදුකරන ලදි.

මෙම අවස්ථාව සදහා හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහනාම, හිටපු ක්‍රිකට් ක්‍රිඩක චමින්ද වාස්, හිටපු ක්‍රිකට් ක්‍රිඩක රෝමේෂ් කළුවිතාරණ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්කේඩි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ, 23 වන පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 23 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 232 වන පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි/නිලධාරීන් සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.