Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th February 2024 09:20:18 Hours

22වන පාබල සේනාංකය අභිමානවත් ලෙස 76 වන නිදහස් දිනය සමරයි.

76 වන නිදහස් දිනයට සමගාමීව 22පාබල සේනාංකයේ දේශණ ශාලාව, සෙසුනිළ විවේකාගාරය හා රූපවාහිනි නැරඹුම් මැදිරිය සුභ මොහොතින් 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් විවෘත කර භටපිරිස්හි ප්‍රයෝජනය සදහා භාරදෙන ලදි.

තවද 22 වන පාබල සේනාංකයේ රාජකාරි නිරත නිලධාරි/සෙසුනිලයින් විසින් සේරුවිල මංගල රජමහා විහාරයේ දහම් පාසලහි ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් සහභාගිකරවා ගනිමින් නිදහස් දින සැමරුමක් සේරුවිල මංගල රජමහා විහාර පරිශ්‍රයේ පවත්වන ලදී. එම වැඩසටහන අවසනායේ දහම් පාසල් සිසුන් 265 දෙනෙකු හට දිවා ආහාර වේලක් ලබාදිම සිදුකල අතර, ඒ සදහා මුල්‍ය දායකත්වය ධානපති විජිත විජේසේකර මහතා සහ ඉන්දු මුදලිගේ මහත්මිය දෙපල විසින් සපයන ලදි.

මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන්, පුර්ණ අධික්ෂණය හා සම්බන්ධිකරණයෙන් හා 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම හා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදි.