Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th January 2024 14:44:30 Hours

22 වන පාබල සේනාංක භටපිරිස් බලප්‍රදේශය තුල අවශ්‍යතා ඇති පවුල් 03 ක් වෙත නිවාස ඉදිකිරිමට මුල්ගල් තබයි

221, 222 සහ 223 වන පාබල බලසේනා මුලස්ථාන බලප්‍රදේශයන් තුල ජීවත් වන අවශ්‍යතා ඇති පවුල් තුනක් වෙනුවෙන් නව නිවාස තුනක් ඉදිකිරීම සඳහා 2024.01.11, 12 සහ 15 යන දිනයන්හීදි ආගමික චාරිත්‍රානුකූලව මුල්ගල් තැබිමේ උත්සවයන් පවත්වන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව ප්‍රදේශයේ ජීවත් වන සිවිල් ජන සමාජය සමග සහයෝගීතාවය සහ යුධ හමුදාවේ කීර්ති නාමය ඉහළ නැංවීමේ පරමාදර්ශි චේතනාව මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ මෙම නව නිවාස ඉදිකිරිම සඳහා මූල්‍ය සහාය ලබාගෙන ඇත.

222 වන පාබල බළසේනාව යටතේ පාලනය වන 5 (සෙව්) ශ්‍රිලකාහ ඒකක බළප්‍රදේශයට අයත් තල්ගස්වැව, අග්බෝපුර පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන ආර් එම් රංජිත් වසන්ත බණ්ඩාර මහතා හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.11 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය අනුග්‍රහය අනුරාධ කොතලාවල මහතා විසින් ලබාදි ඇත.

223 වන පාබල බළසේනාව යටතේ පාලනය වන 6 ශ්‍රිලසසබ (ආධාරක) ඒකක බළප්‍රදේශයට අයත් 10 සැතපුම් කණුව, කිතුළුට්ටු, මොරවැව ලිපිනයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන ජී.ආර්.චමින්ද කුමාර මහතා හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.12 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය අනුග්‍රහය අනුරාධ කොතලාවල මහතා විසින් ලබාදි ඇත.

221 වන පාබල බළසේනාව යටතේ පාලනය වන 20 ගරෙ ඒකක බළප්‍රදේශයට අයත් මහසෙන්පුර, 07 කණුව ලිපිනයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වන කේ. උපුල් ප්‍රියන්ත මහතා හට නව නිවසක් ඉදිකිරිම සඳහා 2024.01.15 දින මුල්ගල් තැබු අතර, එම නිවසේ ඉදිකිරිම් සඳහා මූල්‍ය අනුග්‍රහය ඉසුරු ප්‍රභාත් කුමාර මහතා විසින් ලබාදි ඇත.

එක් නිවසක් සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය මුදල රුපියල් මිලියන 1.35 ක් වන අතර, එම යෝජිත නව නිවාස මාස 03 ක් ඇතුළත ඉදිකර සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.