Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th February 2024 15:38:14 Hours

76 වන නිදහස් දිනයේදී 241වන පාබල බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අක්කරපත්තුව අම්මාන් මහලිරිල්ලා කාන්තා ළමා නිවාසයේ නේවාසීක සිසුන්ට ආහාරය වේලක් ලබාදෙයි.

241 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්ඒස්පි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් හා සම්බන්ධිකරණයෙන් 241 වන පාබල බළසේනාවේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 04 වන දින 76 වන නිදහස් සංවත්සරයට සමගාමිව අක්කරපත්තුව අම්මන් මහලීරිල්ලා කාන්තා නේවාසිකාගාරයේ සිසුවියන් 43 දෙනෙකු සහ කාර්.යය මණ්ඩලයට දිවා ආහාරය ලබාදිමේ වැඩසටහනක් සිදු කරන ලදි

අක්කරපත්තු වෙළද සංගමයේ සභාපති මහතා විසින් මෙම මහගු සත්කාර වැඩසටහන සදහා දායකත්වය ලබාදි ඇති අතර, දිවා ආහාර ලබාදිම සදහා 241 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එල්එස්ඩිඑන් පතිරත්න ආර්ඒස්පි යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ප්‍රමුඛ සියළුම නිලධාරින් හා සියලුම නිළයන් දායකත්වයයෙන් මෙම වැඩසටහන ඉතා සාර්.ථකව සිදුකරන ලදි