13th April 2023 10:54:59 Hours
2023 වසරේ පළමු කාර්තුව සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023.04.08 වන දින අක්කරපත්තුව 241 පාබල බලසේනාවේ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
13th April 2023 10:40:41 Hours
231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, ''අපි මනුස්සයෝ'' පදනමේ සංවිධායක තනෝජ් බියගම මහතා සහ 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි දායකත්වයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක නදීර කහපිටිය මහතා වෙත කෙවිලියාමඩු ගර්භනී මාතෘ සායන මධ්‍යස්ථාන කාර්යාලය නවීකරණය කර 2023.04.07 වන දින භාරදෙන ලදී.
06th April 2023 21:49:34 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම සහ 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධනික පතිරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2023 අප්‍රේල් 05 වන දින ...
06th April 2023 21:43:22 Hours
සංඥා බලකා ඒකකයන්හි එකම (ස්වේච්ඡා) සංඥා බලකාය වන 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත නව බලසේනාධිපති වශයෙන් පත්වු කර්නල් නන්දන වීරතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අප්‍රේල් මස 04 වන දින බලසේනාවේ රාජකාරි භාර ගැනීමෙන් පසුව පළමු සංචාරය මෙම ඒකකය වෙත සිදුකර ඇත.
01st April 2023 09:24:51 Hours
223 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් රංගජීව ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 223 පාබල බලසේනාවේ පිවිසුම් දොරටුවේ සම්මාන මුර පීථිකාවක් ඉදිකරන ලද අතර සියලු නිලයන්ගේම සුබසාධනය සඳහා කරනවෑමි සහ සපතේරුහලකින් සමන්විත පහසුකම් සංකීර්ණයක් ද ඉදිකරන ලදී.
31st March 2023 11:24:35 Hours
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ආශිර්වාදය ඇතිව 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරාධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම යටතේ වැලිවේරිය, 306 බී 2, සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව, 242 පාබල බලසේනාවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද පොතුවිල් සිංහල විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල 2023 මාර්තු 27 දින සිසු අයිතියට පත් කරන ලදී.
29th March 2023 09:53:29 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම මත 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 2023 මාර්තු 25 වන දින සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සේරුනුවර, තෝපූර් සහ කිලිවෙඩ්ඩි ප්‍රදේශ අවට අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.
19th March 2023 11:04:58 Hours
221 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය සැමරීම සඳහා 2023 මාර්තු 12 සිට 17 දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත ආගමික වතාවත් සහ සැමරුම් කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් සංවත්සර සැමරුම් පැවැත්විණි.
19th March 2023 10:42:37 Hours
231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයකට අනුව 231 වන බලසේනාව වෙත පහසුකම් සංකීර්ණයක් බලසේනා මූලස්ථානයේ භට පිරිස් විසින් ඉදි කිරීම ආරම්භ කරන ලදී. බලසේනාධිපතිවරයාගේ සංකල්පයේ අවසාන ප්‍රතිඵලය ලෙස 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් සුභසාධන ආපන ශාලාවකින්¸ පුවත්පත කියවීමේ මධ්‍යස්ථානයකින් සහ කරනවෑමිහලකින් සමන්විත නවීන පහසුකම් සංකීර්ණය ලබා ගන්නා ලදී.
15th March 2023 14:53:22 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) යටතේ ස්ථාපිත 22 වන පාබල සේනංකයට අයත් 221 වන පාබල බළසේනා මුලස්ථානය මගින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් ලෙස 221 වන පාබල බළසේනා මුලස්ථානයේ සේවයේ නියතු සෙසුනිලයින්ගේ පාසල් යන දූදරුවන් 67 දෙනෙකු සදහා රුපියල් 3500ක වටිනා කමින්යුත් පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් 2023.03.12 වන දින බලසේනා මූලස්ථානයේදි බෙදාදෙන ලදි.