Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th January 2024 14:39:30 Hours

22 වන පාබල සේනාංක භට පිරිස් විසින් ත්‍රිකුණාමලයේ ප්‍රදේශවාසින් සමග එක්ව දන්සලක් පවත්වන ලදී

22 වන පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටා ඇති ත්‍රිකුණාමලය හනුමාන් කෝවිල හී වාර්ෂිකව පවත්වනු ලබන පුජා උත්සවය සඳහා 2024.01.11 දින සහභාගිවු බැතිමතුන් 200 කට අධික පිරිසකට ප්‍රදේශවාසින් සමග එකතුව කොත්තමල්ලි දන්සැලක් පවත්වන ලදී.

එම සත්කාරය සදහා කෝවිලේ ප්‍රධාන පූජකතුමාගේ ආරාධණයෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද, සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද, 2(සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලුව සේනාංක බලප්‍රදේශයේ නිලධාරි/සෙසුනිලයින් සහභාගි වන ලදි.

උත්සවය අවසානයේ මෙම ප්‍රජාසත්කාරය ත්‍රිකුණාමලය හනුමාන් කෝවිලේ ප්‍රධාන පුජකතුමන් විසින් ඇගයිමට ලක් කරන ලදී.