Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th January 2024 11:39:35 Hours

22 පාබල සේනාංකය විසින් දෙවන වරටත් සේරුවිල දහම්පා පාසල් සිසුන් සඳහා දිවා ආහාර වේලක් ලබා දෙයි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒ එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය සහ 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් කේ එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.

2024 ජනවාරි 07 වන ඉරිදා දින රාජගිරිය ආර් ජයවර්ධන මහත්මිය සහ රූපිකා සේනාතිලක මහත්මියගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ දී දම්මින්න පාසල් සිසුන් 275 දෙනෙකු සඳහා දෙවන වරටත් දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන එළැඹෙන ජනවාරි මස 14 වැනි ඉරිදා දින ද ක්‍රියාත්මක වන අතර වත්මන් විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන් ආරාධනයෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉතා අගය කරන අතර 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ භටපිරිස් විසින් උත්සවය සංවිධානය කර ඇත.