Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th January 2024 16:33:39 Hours

22 පාබල සේනාංකය විසින් ත්‍රිකුණාමලය සිංහ සමාජයේ සහයෝගීතාවයෙන් වෛද්‍ය සායනයක් පවත්වයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ රාජකාරි නියුතු භට පිරිස් විසින් 2024.01.13 දින ත්‍රිකුණාමලය සිංහ සමාජයේ සහයෝගීතාවයෙන් වෛද්‍ය සායනයක් 22 පාබල සේනාංක මුලස්ථානයේ පැවැත්වු අතර, එදින අක්ෂි සායනයක්, BMI මැනීම, රුධිර පරීක්ෂණය සහ රුධිරය පරිත්‍යාග කිරිමේ වැඩසටහනකින්ද සමන්විත විය.

සායනය අතරතුර සියලුම වාර්ගික සිවිල් වැසියන් 341 දෙනෙකු උපදේශන සහය ලබාගත් අතර, ඉන් පුද්ගලයින් 291 දෙනෙකු අක්ෂි පරීක්ෂාවටද, 200 දෙනෙකු හට ඇස් කණ්නාඩි ලබා දී ඇත. ලේ දන්දීමේ ව්‍යාපාරය සඳහා 50 දෙනෙකු සහභාගි වන ලදි. ත්‍රිකුණාමලය සිංහ සමාජයේ සභාපති රංජන් ජනරංජන මහතා සිය සාමාජිකයින් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය දිසානායක, වෛද්‍ය සින්තියා සහ වෛද්‍ය සෆානා යන මහත්ම මහත්මීන්ගේ වෛද්‍ය උපදේශන සහිතව මෙම වෛද්‍ය සායනය මෙහෙයවන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 221 පාබල බළසේනාවේ බලසේනාධිපති, 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු අනෙකුත් භඨපිරිස් මෙම වෛද්‍ය සායනය සාර්ථකව පැවත්විමට කටයුතු කරන ලදී. මෙවැනි අවස්ථාක ප්‍රතිලාභ ලබන සියලුම දෙනා විසින් යුද්ධ හමුදාව වෙත තම කෘතඥතාව පලකරන ලදි.