Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th January 2024 13:53:05 Hours

22 වන පාබල සේනාංක භට පිරිස් විසින් තෙවන වරටත් සේරුවිල මංගල රාජ මහා විහාරයේ දහම් පාසල් ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදෙයි

22 වන පාබල සේනාංකයේ රාජකාරි නිරත නිලධාරි/සෙසුනිලයින් විසින් සේරුවිල මංගල රාජ මහා විහාරයේ දහම් පාසලහි ඉගෙනුම ලබන දහම් පාසල් සිසුන් 275 කට දිවා ආහාර වේලක් ලබාදිම බම්බලපිටිය රාජා ජුවලර්ස් ආයතනයේ සේවය කරන ලිවින් ලක්ෂාන් ,මිනුර තාරක පෙරේරා හා හෂාන් මධුසංක ධන පරිත්‍යාගයෙන් 2024 ජනවාරි මස 14 වන ඉරු දින පවත්වන ලදි. මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය, සම්බන්ධිකරණය හා සහභාගිත්වයෙන්, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සියළුම නිලයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම යටතේ සිදුකරන ලබන මෙම සත්කාරක වැඩසටහන් වර්ථමාන විහාරාධිපති හිමියන් වන අති පුජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමි විසින් විශේෂ ඇගයිමකට ලක් කරන ලදී.