Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th January 2024 12:09:39 Hours

9 විපාරෙ‍ "සහන සෙවණ" වෙත දිවා ආහාරය සපයයි

9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව බළඇණියේ පුරෝගාමී නිලධාරීන් මෙන්ම රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සිහිකරමින් බළඇණියේ සියලුම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව 2023 ජනවාරි 17 වෙනිදා "සහන සෙවන" ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය හා පුහුණු මධ්‍යස්ඨානය වෙත ආහාර වේලක් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී වූ අතර 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සී ඩී පී ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමග නිලධාරි සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට සහභාගී විය.