Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th February 2024 15:01:03 Hours

23 වන පාබල සේනාංකය විසින් 76 වන නිදහස් දිනයට සමගාමීව උන්නච්චිය ධීවර සමිති ශාලාවේදි ලේ දන්දිමේ වැඩසටහනක් සංවිධානය කරයි.

ආරක්‍ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පිඑස් ප්‍රසාද් ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්පිඅයිඑච් සේනානායක පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් 76 වන නිදහස් දිනයට සමගාමීව උන්නච්චිය ධීවර සමිති ශාලාවේදි ලේ දන්දිමේ වැඩසටහනක් 2024 පෙබරවාරි මස 08 වන දින 4 වන ගැමුණු හේවා බළඇණිය විසින් සංවිධානය කොට පවත්වන ලදි.

මෙම ප්‍රජා සත්කාරය සදහා යුද්ධ හමුදා නිලධාරින් 03 හා සෙසු නිළයින් 71 සහ පොලිස් නිලධාරින් 02 සහභාගි වු අතර, උන්නච්චිය, ආයිත්තමලය, හා කරදියන්ආරු ප්‍රදේශයන්ට අයත් සිවිල් වැසියන් 06 සහභාගි වි ලේ දන්දිම සිදුකරන ලදි.

යුද්ධ හමුදාව විසින් සිදුකරන ලද මෙම ප්‍රජා සත්කාර වැඩසටහන තුලින් නැගෙනහිර පලාත තුල ජිවත්වන අසරණ රෝගින් විශාල ප්‍රමාණයක ජිවිත රැකගැනිමේ අවස්ථාව උදාවු බව මඩකලපුව දිස්ත්‍රික් රුධිර පාරවිලයන ඒකකයේ වෛද්‍ය නිලධාරින්ගේ හා සමස්ථ කාර්යය මණඩලයේ ඇගයිමට ලක්වන ලදි.