Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th February 2024 16:44:31 Hours

22වන පාබල සේනාංකය විසින් සිදුකරනු ලැබූ දමිල භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම හා සංකල්පයකට අනුව, මෙම පාසේමූ යටතේ ස්ථාපිත පාබසේමූ ඒකකයන්හි රාජකාරි සිදුකරනු ලබන සෙබළුන්ගේ දමිල භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් අදියර 04 ක් වශයෙන් 2024 වර්ෂය තුල දමිල භාෂා පුහුණු පාඨමාලාවේ පලමු අධියර සෙබළුන් 00 x 50 කින් යුතුව 2024 පෙබරවාරි මස 06 දින ආරම්භවූ අතර, මෙම පාඨමාලාව වැඩ කරන දින 14 ක් පවත්වා 2024 පෙබරවාරි මස 23 දින සාර්ථකව අවසන් කරන ලදි.

මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරූ සෙනීන් හට සහතිකපත් ප්‍රධානය සහ අවසන් දේශණය සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, ඒ සදහා පාඨමාවේ උපදේශක වන ප්‍රවීන ආචාර්ය වේලායුදම් ජයරත්නම් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරී රැසක් සහභාගී විය.